වික්ටර් අයිවන් අනුස්මරණ දෙසුම 24 දා පදනම් ආයතනයේ දී...

වික්ටර් අයිවන් අනුස්මරණ දෙසුම 24 දා පදනම් ආයතනයේ දී...

රාවය පුවත්පතේ සමාරම්භක කර්තෘ  ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී  වික්ටර් අයිවන් අභාවප්‍රාප්ත වී වසරක් ගතවීම නිමිති කරගෙන “මහජන බුද්ධිමතෙකුගේ පටිසෝතගාමී අභිචාරිකාව” යන තේමාව යටතේ  ඔහුගේ මාධ්‍ය, දේශපාලන හා සමාජ මැදිහත්වීම අවලෝකනය කිරීමේ විශේෂ වැඩසටහනක් සංවිධානය කර ඇත.

2026 පෙබරවාරි මස 24වන දා ප. ව 2.30 කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රධාන ශාලාවේ දී එය පැවැත්වීමට නියමිත ය.

දේශපාලන හා සමාජ ක්‍රියාකාරී එස්.සී.සී ඉලංගෝවන්, මාධ්‍යවේදී හනා ඊබ්‍රාහිම්, සහ අනිද්දා පුවත්පතේ ප්‍රධාන කර්තෘ කේ.ඩබ් ජනරංජන යන අය එහි දී අදහස් දැක්වීමට නියමිත අතර ප්‍රධාන දෙසුම මහාචාර්ය රොහාන් සමරජීව විසින් සිදුකරනු ලබයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න