තිරයේ පෙම් යුවළ සැබෑ ජීවිතයේ දී ද එකතු වෙති

තිරයේ පෙම් යුවළ සැබෑ ජීවිතයේ දී ද එකතු වෙති

ඔන්න ඉතින් කාලයක් තිස්සේ ඉන්දීය සිනමා ලෝලීන් කුතුහලයෙන් බලා සිටි ඒ සුබ ආරංචිය නිල වශයෙන්ම ලැබී තිබෙනවා.

දකුණු ඉන්දීය සිනමාවේ වගේම මුළු මහත් ඉන්දියාවේම ආදරය දිනාගත් රශ්මිකා මන්දනා (Rashmika Mandanna) සහ විජයි දේවරකොන්ඩා (Vijay Deverakonda) යුග දිවියට පිවිසෙන බව දැන් නිල වශයෙන්ම තහවුරු කර තිබෙනවා.

"VIROSH" - රසිකයන් දුන් නමෙන්ම විවාහය!

වසර 8ක් පුරා රහසක්ව පැවති මොවුන්ගේ ආදර කතාව ප්‍රසිද්ධියට පත් කරමින් විජයි සහ රශ්මිකා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුම් හරහා විශේෂ සටහනක් එක් කර තිබුණා. එහි විශේෂත්වය වන්නේ ඔවුන් ගේ විවාහ මංගල්‍යය “The Wedding of VIROSH” ලෙස නම් කර තිබීමයි.

මෙම "VIROSH" යන නම නිර්මාණය කර ඇත්තේ ඔවුන්ගේ ආදරණීය රසිකයන් විසින් වීම විශේෂත්වයක්. විජයි (Vijay) සහ රශ්මිකා (Rashmika) යන නම් දෙක එකතු කර රසිකයන් හැදූ ඒ නම තම ජීවිතයේ වැදගත්ම අවස්ථාවට යොදා ගැනීමෙන් ඔවුන් රසිකයන්ට සැබෑ ගෞරවයක් පුද කර තිබෙනවා.

මෙම යුවළ පෙබරවාරි 26 වැනිදා උදායිපූර් හිදී විවාහ වීමට නියමිත බව වාර්තා වෙනවා.

රසිකයින්ට ලියූ ආදරණීය ලිපිය

ඔවුන් සිය සටහනේ මෙසේ සඳහන් කර තිබුණා:

"අපේ ආදරණීයයන් වෙත, අපි කිසිම දෙයක් සැලසුම් කරන්නත් කලින් ඔබ අප වෙනුවෙන් හිටියා. ඔබ අපිට 'VIROSH' කියන නම දුන්නා. ඒ නිසා අද අපි අපේ එක්වීම ඔබ වෙනුවෙන් උපහාරයක් ලෙස ඒ නමෙන්ම නම් කරනවා."

සිනමාවේ සිට සැබෑ ජීවිතයට

2018 වසරේ තිරගත වූ Geetha Govindam චිත්‍රපටයෙන් ප්‍රථම වරට එකට රඟපෑ මොවුන්, පසුව Dear Comrade හිදී ද ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත්තා. එතැන් පටන් මොවුන් පෙම්වතුන් බවට කටකතා පැතිර ගියත්, ඔවුන් හැමවිටම පැවසුවේ තමන් "හොඳම යාළුවන්" පමණක් බවයි. නමුත් දැන් ඒ "හොඳම යාළුකම" ලස්සන විවාහයකින් කෙළවර වී තිබෙනවා.

විජයි මේ දිනවල ඔහු ගේ නවතම චිත්‍රපටය වන Ranabaali සඳහා සූදානම් වන අතර, රශ්මිකා අවසන් වරට ආයුෂ්මාන් කුරානා සමඟ Thamma චිත්‍රපටයෙන් බොලිවුඩ් රසිකයන් හමුවට පැමිණියා ය. 

rashmika2

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න