පාසල් තුළ කෝප්‍රල් පනිශ්මන්ට් තහනම් කිරීමට නීති ගේනවා - තලතා

පාසල් තුළ කෝප්‍රල් පනිශ්මන්ට් තහනම් කිරීමට නීති ගේනවා - තලතා

ශාරීරික දඬුවම් හෙවත් කෝප්‍රල් පනිශ්මන්ට් පාසල් තුළ තහනම් කිරීමට අවශ්‍ය නීති ගෙන ඒමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු සුදානම් කරමින් සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරයි.

6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් විෂය මාලාවට නීති අධ්‍යාපනය එකතු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් කියයි.

නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවන බවත් නීතිය නොදැනීම නිසා නොයෙකුත් අපරාධ හා ප්‍රශ්න රාශියක් සිදුවන බවත් දරුවන්ගේ යහපත සඳහා මේ ලෙස කටයුතු කරන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න