පෞද්ගලික අංශයටත් මැතිවරණ නිවාඩු අනිවාර්යයි

පෞද්ගලික අංශයටත් මැතිවරණ නිවාඩු අනිවාර්යයි

පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අය සඳහා ජාතික මැතිවරණවලදී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමිවීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීමට කටයුතු කරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඉල්ලීමක් කර තිබේ.

ඒ අනුව සේවා නියුක්තිකයන් විසින් ලිඛිත ඉල්ලීමක් මඟින් නිවාඩු ඉල්ලුම් කළයුතු බව නිවේදනයේ සඳහන් වේ.

තම ඡන්දය දීමට හැකිවනු පිණිස සේවා නියුක්තිකයන්ට නිවාඩු දීමට සේවා යෝජකයින් කටයුතු කළයුතු බවට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ විධිවිධාන සලසා ඇති අතර 2018.02.10 දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ද එය නිසි පරිදි ක‍්‍රියාත්මක විය යුතුව ඇත.

එසේ වූවද පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට ලිඛිත නියමයකින් පැනවු එවැනි විශේෂ නිවාඩු ලබාදීමේ ක‍්‍රමවේදයක් නොමැති හෙයින් බොහෝ සේවා යෝජකයින් තම සේවා නියුක්තීන්ට ඡන්දය පාවිච්චි කිරීම සඳහා නිවාඩු ලබා නොදෙන බවට පසුගිය ඡන්ද විමසීම් කිහිපයකදීම පැමිණිලි ලැබී තිබිණි.

ඒ පහත සඳහන් වගුවට අනුකූලව පෞද්ගලික අංශයේ සේවය කරන්නාවු සේවක සේවිකාවන්ට සිය ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා වු නිවාඩු ලබාදීමට අදාළ සේවා යෝජකයින් කටයුතු කිරීම සුදුසු බවට තීරණය කර ප‍්‍රසිද්ධියට පත් කරන ලදි.

ඡන්දය පාවිච්චි කිරීම සඳහා සේවා ස්ථානයේ සිට තම ඡන්ද පොළට යා යුතු දුර ප‍්‍රමාණය ලබාදිය යුතු අවම නිවාඩු කාලසීමාව පහත සඳහන් පරිදි වේ.

කි.මී. 40 ක් හෝ ඊට අඩුනම් දින භාගයයි
කි.මී. 40 ත් - 100 ත් අතර නම් දින එකයි
කි.මී. 100 ත් - 150 ත් අතර නම් දින 1යි භාගයි
කි.මී. 150 ට වැඩිනම් දින 2

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න