දූෂිතයන්ට බැට දෙන්න අල්ලස් පනත සංශෝධනය කරයි

දූෂිතයන්ට බැට දෙන්න අල්ලස් පනත සංශෝධනය කරයි

වංචා සහ දූෂණ චෝදනා පිළිබඳ නඩු විභාග කිරීම සඳහා මහා අධිකරණයට ඉඩ සැලසෙන පරිදි අල්ලස් හා දූෂණ පනත සංශෝධනය කිරීමට ඉදිරිපත් කෙරුණු යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

1954 අංක 11 දරණ අල්ලස් පනතෙහි 70 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් පසුගියදා (30) ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මේ අනුව පනත් කෙටුම්පත සංශෝධනය කළහොත්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සහ අල්ලස් හා දූෂණ පනත යටතේ අර්ථකථනය කරන ලද වංචා හා දූෂණ පිළිබඳ නඩු විභාග කිරීම සඳහා රටේ මහාධිකරණවලට බලය ලබා දෙනු ඇත.

විශේෂ මහා අධිකරණය

මේ අතර අල්ලස් හා දුෂණ චෝදනා සහ අතිශය සංකීර්ණ මූල්‍ය අපරාධ චෝදනා සම්බන්ධයෙන් වන නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයක් පිහිටුවීමට අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය විසින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අනුමැතිය ලැබී තිබේ.

නඩු කටයුතු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂයෙන් කැප වූ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පිහිටුවීම සඳහා 1978 අංක 2 දරන අධිකාරණ සංවිධාන පනත සංශෝධනය කිරීම පිණිස අමාඅත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ.

මෙහිදී ත්‍රිපුද්ගල මහාධිකරණ ස්ථාපිත කිරීම සඳහා විධිවිධන සලසමින් 1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ අමාත්‍යවරිය ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න