කාර්මික අනතුරු වන්දි මුදල වැඩිකෙරේ

කාර්මික අනතුරු වන්දි මුදල වැඩිකෙරේ

සේවයේ යෙදී සිටිය දී හදිසි අනතුරුවලට භාජනය වී මරුමුවට පත්වන හා තුවාල ලබන සේවකයන් සඳහා ගෙවනු ලබන වන්දි මුදල රුපියල් ලක්ෂ 12 දක්වා වැඩි කිරීමට තීරණය කොට ඇත .

හදිසි අනතුරුවලට භාජනය වන සේවකයින් සඳහා දැනට ගෙවන වන්දි මුදල රුපියල් 5,50,000කි. කර්මික අනතුරුවල දී විපතට පත්වන සේවකයින්ට ගෙවන වන්දි මුදල රුපියල් ලක්ෂ 12 දක්වා වැඩි කිරීම සඳහා කර්මාන්තශාලා ආඥා පනත සංශෝධනය කිරීමට යන බව කම්කරු,වෘත්තීය සමිති සබඳතා සහ සබරගමුව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා රජයේ නිලපුවත් වෙබ් අඩවියට පවසා තිබේ

කර්මාන්තශාලා ආඥා පනත යටතේ දැනට වන්දි හිමිවන්නේ කර්මාන්ත ශාලාවල සේවයේ දී හදිසි අනතුරුවලට ලක් වන අයට පමණි. එහෙත් පනත සංශෝධනය කිරීමේ දී එයට ඉදිකිරීම් අංශවල සේවකයින් ද අතුළත් කෙරෙණු ඇතැයි පැවසේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න