අගමැති රනිල් දුන් අභියෝගය ජයගැනීමට සජිත් බරටම වැඩ!

අගමැති රනිල් දුන් අභියෝගය ජයගැනීමට සජිත් බරටම වැඩ!

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳව එකඟත්වයක් ඇතිකර ගැනීම සඳහා එම පක්ෂයේ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර පෙරේදා (10) රාත්‍රි අරලියගහ මන්දිරයේ පැවති විශේෂ සාකච්ඡාවේ දී අගමැතිවරයා ලබාදුන් අභියෝගය ජයගැනීම සඳහා සජිත් ප්‍රේමදාස ඊයේ දිනය තුල දී පවා විශාල වැඩ කොටසක් සිදුකර ඇති බවත් එහි ප්‍රතිපල ඉදිරි දින කිහිපය තුල දී රටටම දැකගත හැකි බවත් ඔහුට හිතවත් ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු පැවසිය.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට ලබාදීමට නම් එක්සත් ජාතික පක්ෂයට සහාය දෙන සෙසු පක්ෂවල සහය ඔහුට හිමි විය යුතු බව මෙම සාකච්ඡාවේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසා ඇති බව 'බීබීසි සිංහල සේවය' වාර්තා කරයි. 

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා එජාපයට සුළු ජාතික ඡන්ද කොතෙක් වැදගත් වන්නේද යන්න එම සාකච්ජාවේ දී අවධාරණය කර ඇති අගමැතිවරයා, දැනටමත් රට තුළ ප්‍රධාන කඳවුරු දෙක වශයෙන් ඡන්ද බෙදී ඇති ආකාරය අනුව අපේක්ෂකයා කවුරුන් වුවත් ඔහුට දෙමළ ජාතික සන්ධානයේ සහාය නොමැතිව ජයග්‍රහණය කළ නොහැකි බව ද පෙන්වා දී ඇත.

ඒ අනුව, එම පක්ෂ සමග මෙන්ම දෙමල ජාතික සන්ධානය සමග ද මේ පිළිබඳව සාකච්ඡා කර අවසන් තීරණයක් ගැනීමට දෙපිරිස අතර එහිදී එකඟතාවක් ඇතිවී තිබේ. 

සාකච්ඡා අවසානයේ මාධ්‍යට අදහස් දැක්වූ, ඊට එක්ව සිටි රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා "අපිට අදාළ අනිකුත් පක්ෂ සමගත් සාකච්ඡා කරලා අවසාන එකඟතාවකට එනවා. සාර්ථක සාකච්ඡා අද සිදුවුණේ" යනුවෙන් කියා සිටියේය. 

රනිල් තරඟ කරන බවක් කියා නැහැ:            

තමන් ජනාධිපතිවරණයට තරග කරන බවට රනිල් වික්‍රමසිංහ නායකවරයා සාකච්ඡාවේදී කිසිවක් ප්‍රකාශ නොකළ බව ඊට සහභාගිවූ අමාත්‍යවරයෙකු 'බීබීසී සිංහල සේවයට' පවසා තිබිණ.

"ගැඹුරු රැවටීමක් නෙවෙයි නම් මම හිතන්නේ අගමැතිවරයා හිත හදා ගෙන ඉන්නේ සජිත්ට ජනාධිපති අපේක්ෂක කම ලබාදෙන්න, ඉරිදා වෙනකොට සියලු කටයුතු අවසන් කරන්න එකඟ වුනා. දැනට සජිත් ඉදිරියෙන්" බව නම සඳහන් කිරීමට අකමැතිවූ අදාළ අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත.            

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න