ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 4ක් නඩු මගට !

ශ්‍රිලනිප මන්ත්‍රීවරුන් 4ක් නඩු මගට !

ලංකා නිදහස් පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බව එ.ජ.නි.ස පත්කළ මන්ත‍්‍රීවරුන් වන ඒ.එච්.එම් ෆවුසි, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා හා එස්.බී දිසානායක  තීරණය කර තිබේ.

මේ මාධ්‍ය වෙතින් කළ විමසුමකට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු  මන්ත‍්‍රී ඒ.එච්.එම්  සදහන් කර ඇත්තේ  තමන්ට එරෙහිව කිසිඳු විභාගයක් නොපවත්වා දේශපාලන පක්‍ෂයකට ඒකාධිපති ස්වරූපයෙන් ක‍්‍රියාකිරීමට හැකියාවක් නැති බවයි.

මෑත කාලයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය වැරදි උපදෙස් අනුව ක‍්‍රියාකිරීම හේතුවෙන් පක්‍ෂය දැඩි අසීරුතාවයන්ට පත්වූ බව කී මන්ත‍්‍රීවරයා මෙය ද කාගේ හෝ වැරදි උපදෙසක් අනුව ගනු ලැබූ තීරණයක් විය හැකි බවද කීය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා  සදහන් කර ඇත්තේ  ආණ්ඩු විරෝධී බලවේග සමඟ කටයුතු කිරීම විනය කඩකිරීමක් නොවන බවයි. 

විනය පරීක්‍ෂණයට මුහුණ දීමට තමන් සූදානම් බව කී අබේවර්ධන මන්ත‍්‍රීවරයා මෙම තීරණයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද සඳහන් කර ඇත.

පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව නීතිමය පියවර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බි දිසානායක  ද සදහන් කරයි. එමෙන්ම තමන්ට බ‍්‍රහ්ම දණ්ඩනය පනවා ඇති බැවින් පක්‍ෂ සාමාජිකත්වය තහනම් කිරීමේ තීරණය සම්බන්ධයෙන් කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බව පාර්ලිමේන්තු  මන්ත‍්‍රී විජිත් විජිතමුණි සොයිසා පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න