ගෝඨාට 'කඩේ' යන්න 'බැඳුම්කර' පත්තරය 'දෙරණ' ලේබලයෙන් !

ගෝඨාට 'කඩේ' යන්න 'බැඳුම්කර' පත්තරය 'දෙරණ' ලේබලයෙන් !

පසුගියදා වසා දමනු ලැබූ 'ජනයුගය' පුවත්පත 'දෙරණ' නමින් යලි ප්‍රකාශයට පත් කිරීමට මේවනවිට සාකච්ජා ආරම්භ වී තිබේ.

බැඳුම්කර පත්තරය ලෙස දේශපාලන ක්ෂේත්‍රයේ ආන්දෝලනයට ලක්වූ 'ජනයුගය' පුවත්පත් ආයතනය මිළදි ගැනීම සඳහා 'අද දෙරණ' නාලිකාවේ සභාපති දිලිත් ජයවීර මහතා, 'ජනයුගය' පුවත්පත් ආයතනයේ ප්‍රධානි අර්ජුන් ඇලෝසියස් මහතා සමග පසුගිය දින කිහිපයෙහි සාකච්ජා වට කිහිපයක් පවත්වා ඇතැයි වාර්තාවේ.

ඒ පළමු පියවර ලෙස 'ජනයුගය' පුවත්පත් ආයතනයේ නවීන මුද්‍රණාලය මිලදී ගැනීම සඳහා ජයවීර මහතා විසින් එකඟත්වයකට පැමිණ ඇතැයි පැවසේ.

විශාල මුදලක් ආයෝජනය කරමින් ආරම්බ කල 'ජනයුගය' පුවත්පත ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පසුගියදා වසා දැමිණ.

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අර්ජුන් ඇලෝසියස් මහතාට අයත් පර්පචුවෙල් ව්‍යාපාර සමූහයේ සමාගම් 28හිම බැංකු ගිණුම් වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට මහ බැංකු මූල්‍ය බුද්ධි ඒකකය පියවර ගෙන තිබීම එම පුවත්පත වසා දැමීමට ආසන්නතම හේතුව විය.

අද දෙරණ රුපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය ජාලයේ සභාපතිවරයා වන දිලිත් ජයවීර මහතා, ලංකාවේ ප්‍රසිද්ධම දැන්වීම් ආයතනයක් වන 'ට්‍රයි ඇඩ්' ආයතනයේද ප්‍රධානියාවේ.

දැඩි ගෝඨාවාදියකු ලෙස සැලකෙන දිලිත් ජයවීර මහතා මෙසේ මාධ්‍ය ජාලයක් ගොඩනගන්නේ ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ගෙන ඒමේ අරමුණින් විය හැකියැයි මේවනවිට දේශපාලන ක්ෂේත්‍රයේ කසුකුසුවක් හටගෙන තිබේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න