Language Switcher

V2025

සීනුව ගේනවා : රාජිත පොරොන්දු වෙයි !

ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොකර කතානායක කරු ජයසුරියව ඉදිරිපත් කරන්නේ නම්, ජනතා විමුක්ති පෙරමුණේ සහය ඔහුවෙත

ලබා ගැනීමේ හැකියාවක් පවතින බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා අගමැති රනිල් වික්‍රමසිංහට අවධාරණය කර තිබේ.

අගමැති නියෝජිත දිනේෂ් වීරක්කොඩි, පසුගිය11දා කතානායක කරු ජයසුරිය හමුවී, ජනතා විමුක්ති පෙරමුණේ හා සිවිල් සංවිධානවල සහය ලබාගත හැකි බව සහතික කරන්නේ නම්, ඉදිරි ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය කතානායක කරු ජයසූරියට ලබාදීමට එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ සුදානම් බව දැනුම් දී ඇත්තේ ඒ අනුවය.

මේ අතර සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එකමුතුවේ ඉහළ පෙළේ නියෝජිත පිරිසක් ඊයේ (15) කොළඹ අරලියගහ මන්දිරයේ දී අගමැතිවරයා මුණගැසී සාකච්ඡා කළ අවස්ථාවේදී අදහස් දක්වා ඇති ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න, පසුගිය මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ‍ට සහාය පළ කළ ජාතිවාදය සහ ආගම්වාදයට එරෙහිව අලුත් ව්‍යවස්ථාවක් ගෙන ආ ජනතා විමුක්ති පෙරමුණේ සහාය ලබා ගැනීම වැදගත් බව අවධාරණය කර තිබේ.

ජවිපෙ ස්ථාවරයේ වෙනසක් නැහැ! 

sep 16 Text 3ජවිපෙ සම්බන්ධයෙන් එජාපය තුල මතුව ඇති සංවාදය පිළිබඳව ජවිපෙ ප්‍රතිචාරය කෙසේදැයි theleader.lk කළ විමසීමක දී එම පක්ෂයේ ප්‍රකාශකයකු පැවසුයේ, ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස අනුර දිසානායක මෙවර ජනාධිපතිවරණයට අනිවාර්යයෙන් ම ඉදිරිපත්වන බවයි. ඒ ගැන කිසිඳු ලෙසක දෙගිඩියාවක් ඇතිකර නොගන්නා ලෙස ද ඔහු අවධාරණය කළේය.

මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී කේ .ඩී. ලාල්කාන්ත පවසන්නේ, ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට ජනතා විමුක්ති පෙරමුණ සීනුව ලකුණ අතහැර වෙනත් ලකුණකින් තරඟ කරන බවයි.

ගලේවෙල පුවක්පිටිය ප්‍රදේශයේ අපේක්ෂාවේ අපේක්ෂකයා ජයග්‍රහණය කරවමු සංවාදශීලී ජනහමුව මැයෙන් සූදානම් කර තිබූ ජනබලවේගය සංවිධානය කරන ජනහමුව අමතමින් ඊයේ (15) ඔහු මේ බව සඳහන් කළේය.

ස්වේච්ඡා සංවිධාන 30 ක එකමුතුවෙන් තම සංවිධානය බිහි වී තිබීම නිසා ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද ලකුණ සීනුව ඉවත්කොට වෙනත් ලකුණකින් තරගයට පැමිණෙන බවත් ඔහු කියා සිටියේය.

එමෙන්ම ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී කවුරුන් බලයට පත්වුණ ද පත්වන ජනාධිපතිවරයා පවතින ආණ්ඩුව විසුරුවා හැරීම සිදුකරන බවත් මාර්තු මාසය පමණ වන විට අනිවාර්යෙන්ම මහ මැතිවරණයක් රට තුළ පැවැත්වෙන බවද ඔහු සඳහන් කළේය.

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ද ජනතා විමුක්ති පෙරමුණ තරග වදිනු ලබන්නේ ජාතික ජනබලවේගය නැමැති දේශපාලන ව්‍යාපාරයෙන් බවද හෙතෙම කියා සිටියේය.