ඡන්දය ඉවරවෙනතෙක් අලෝසියස්ට විසුමක් නැහැ ! - බැංකු ගිණුම් තවදුරටත් අත්හිටුවයි !!

ඡන්දය ඉවරවෙනතෙක් අලෝසියස්ට විසුමක් නැහැ ! - බැංකු ගිණුම් තවදුරටත් අත්හිටුවයි !!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිපතිවරයා විසින් අද (01) දින කොළඹ මහාධිකරණයට කරන ලද ඉල්ලීම සළකා බැලු කොළඹ මහාධිකරණය මහ බැංකුවේ මූල්‍ය විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා විසින් පසුගිය සතියේදී පර්පචුවෙල් ටේ‍රෂරීස් සමාගමට අයත් ආයතන 24 ක බැංකු ගිණුම් අත්හිටුවීමට ගත් තීරණය දීර්ඝ කිරීමට නියෝග කළේය.

මෙම ගිණුම් අත්හිටුවීමේ තීන්දුව දින 30 ක් සඳහා වලංගු වන අතර, එය නැවත අලූත් කිරිමේ හැකියාව පවතී.

මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ පර්පචුවෙල් ට්‍රේෂරිස් සමාගම හෝ ඒ වෙනුවෙන් කටයුතු කරන වෙනත් පාර්ශ්ව මහබැංකු බැ`දුම්කර ගනුදෙනුවෙන් අයථා ලෙස උපයන ලද මුදල් වෙනත් පාර්ශ්ව වෙත ගලායම වැළැක්වීම පිණිසය.

ඒ අනුව අනාගතයේදී උක්ත සමාගම විසින් සාපරාධී ලෙස උපයන ලද මුදල් රජයට නැවත අයකර ගැනීමේ සහ රාජසන්තක කරගැනීමේ ක්‍රියාමාර්ග නිෂ්ඵල නොවනු පිණිස එම සමාගමේ ගිණුම්වල මුදල් ආරක්ෂා වී පවතිනු ඇත.

 

බැඳුම්කර ගනුදෙනුවෙන් රජයට අහිමි වූ මුදල් නැවත අය කර ගැනීමේ ක්‍රියාමාර්ගවල මෙන්ම මෙම සාපරාධි ක්‍රියාවට සම්බන්ධවූවන්ට දඬුවම් ලබාදීමට ගෙන යන වැඩපිළිවෙළේ සාර්ථකත්වය මෙම නඩු තීන්දුව තුළින් තවදුරටත් තහවුරු වනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න