Language Switcher

V2025

දිලිත්ගේ අලුත් පත්තරේ 'සත්හඬ' නමින් !

ප්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා 'ජනයුගය' පුවත්පත් ආයතනයේ නවීන මුද්‍රණාලය මිලදී ගනිමින් අලුතින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත ජාතික පුවත්පත සඳහා 'සත්හඬ' වෙළඳ නාමය යොදා ගැනීම සඳහා මේවනවිට සාකච්ජා ආරම්භ කර ඇති බව වාර්තාවේ.

මෙම නව පුවත්පත සඳහා 'දෙරණ' නාමය යොදා ගැනීමට මුලදී තීරණයවී තිබුන ද දෙරණ මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ගෙන් බහුතරය එම තීරණයට විරෝධය පළකර ඇති අතර පුවත්පත් ආයතනය හා මුද්‍රණාලය වෙනම සමාගම් ලෙස පවත්වාගෙන යන ලෙස දිලිත් ජයවීර මහතාට යෝජනා කර ඇතැයි පැවසේ.

ඒ අනුව, මෑතකදී වැසුන 'සත්හඬ' පුවත්පතේ වෙළඳ නාමය ලබාගැනීම සඳහා දිලිත් ජයවීර මහතා එම පුවත්පත පවත්වාගෙන ගිය 'පීපල්ස් පවර් මිඩියා' සමාගමේ බලධාරියකු සමග සාකච්ජා කර තිබෙන නමුත් ගනුදෙනුව සම්බන්ධයෙන් එකගත්වයක් ඇතිකර ගැනීමට මෙතෙක් අපොහොසත්ව ඇත.

අද දෙරණ රුපවාහිනී හා ගුවන් විදුලි මාධ්‍ය ජාලයේ සභාපතිවරයා වන දිලිත් ජයවීර මහතා, ලංකාවේ ප්‍රසිද්ධම දැන්වීම් ආයතනයක් වන 'ට්‍රයි ඇඩ්' ආයතනයේද ප්‍රධානියා වේ.

විශාල මුදලක් ආයෝජනය කරමින් ආරම්බ කල 'ජනයුගය' පුවත්පත ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පසුගියදා වසා දැමිණ.

එසේම, ආණ්ඩුවේ ප්‍රබලයකුගේ මැදිහත්වීමෙන් පවත්වාගෙන ගිය 'සත්හඬ' පුවත්පතද ආර්ථික දුෂ්කරතා මත මිට සති දෙක තුනකට පෙර වසා දමනු ලැබිය.

 සබැඳි පුවත්:

ගෝඨාට 'කඩේ' යන්න 'බැඳුම්කර' පත්තරය 'දෙරණ' ලේබලයෙන් !