මන්නාරමේ ගමකින් ඉවත් වන ලෙස පුරාවිද්‍යා නියෝගයක් (වීඩියෝ)

මන්නාරමේ ගමකින් ඉවත් වන ලෙස පුරාවිද්‍යා නියෝගයක් (වීඩියෝ)

වසර හතලිහකට වඩා වැඩි කාලයක් මන්නාරම මලික්කයිපිටි ග්‍රාමයේ නිල අයිතිය සහිතව ජීවත් වන ගම්වාසීන් පිරිසකට පලාතෙන් ඉවත් වන ලෙස පුරා විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කිරීමත් සමග ප්‍රදේශවාසීහු නොසන්සුන් වී සිටිති.

වසර දෙදහසකට වඩා පැරණි පුරා විද්‍යා නටබුන් මලික්කයිපිටි ග්‍රාමයේ ඇතැයි පවසා එම පුරාවස්තු පිහිටි ස්ථානයේ සිට මීටර 500 ක් තුළ ජීවත් වන ජනතවට ඉවත් වන ලෙස දැනුම් දී ඇත.

මන්නාරම නානාට්ටාන් ප්‍රාදේශීය කොට්ඨාශයේ පිහිටා තිබෙන මලික්කයිපිටි ග්‍රාමයේ පවුල් 69 ක් ජීවත් වන අතර ඒ අතරින් පවුල් බහුතරයකට මෙලෙස ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.

එමෙන්ම එම ඉඩම් තුළ වගා කටයුතු නොකරන ලෙසද පුරා විද්‍යා නිලධාරීන් විසින් දැනුම් දී ඇත.

යුද්ධය නිමා වීමෙන් පසු ස්ථිර නිවාස තනා ගනිමින් ජීවත් වන තමන් මේ හේතුවෙන් මහත් අපහසුතාවයට පත්ව ඇති අතර තම ඉඩම් සදහා ඔප්පු තිබියදීත් ඉඩම් වලින් ඉවත් වන ලෙස පුරා විද්‍යා නිලධාරීන් දිනපතා කරන දැනුමි දීම මහත් අසාධාරණයක් බව ගම්වාසීහු පෙන්වා දෙති.

පුරාවිද්‍යා හා වන රක්ෂිතවලට අයත් භූමි ප්‍රදේශ වල වාඩිලාගෙන හිඳීමට බාධා නොකරන බලධාරීන් දෙමළ ජනතාව එහි පදිංචි වීම වැලක්වීමට ගන්නා උත්සාහය ගැන නොසතුට පල කරන උන්හිටිතැන් අහිමිවූවන් කිහිපවර ඊට විරෝධය පල කර තිබේ.

වීඩියෝ

 

(radiogagana)

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න