රවි ''කී කතාව සහ කී නොකී කතාව'' රටටම කියන්න යයි !

රවි ''කී කතාව සහ කී නොකී කතාව'' රටටම කියන්න යයි !

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පලවන ඇතැම් ප්‍රකාශයන් තුලින් මෙම මැතිවරණ සමය තුල තමන්ටත්, එක්සත් ජාතික පක්ෂයටත් බලවත් අගතියක් සිදුව ඇතයි පවසන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා, එම චෝදනා සම්බන්ධයෙන් තම ස්ථාවරය පැහැදිලි කරමින් ටැබ්ලොයිඩ් ප්‍රකාශනයක් මුද්‍රණය කර ඉදිරිදින කිහිපයේදී ජනතාව අතරට ගොස් බෙදා හැරීමට කටයුතු යොදා ඇතැයි වාර්තාවේ.

තමන්ගේ වරප්‍රසාද කඩවීමක් සම්බන්ධව පාර්ලිමේන්තුවේ සිදුකිරීමට නියමිතව තිබූ විශේෂ ප්‍රකාශය කතානායකවරයා පූර්ව දැනුම්දීමකින් තොරව අත්හිටුවීම නිසා ඔහු එම ප්‍රකාශය මාධ්‍යවෙත නිකුත්කර තිබිණ.

එම ප්‍රකාශයේ ඇතුලත් තොරතුරු පාදක කර ගනිමින් ඉහත සඳහන් ටැබ්ලොයිඩ් ප්‍රකාශනය සකස්කර ඇතැයි පැවසේ.

බැදුම්කර කොමිසමේ වාර්තාවේ සඳහන්ව ඇතැයි ජනාධිපතිවරයා කීවු ප්‍රකාශ තුලින් තමාට බලවත් අගතියක් සිදුවූ බව පවසන රවී කරුණානායක මහතා, කෙසේවුවද මැතිවරණය ඉලක්කකර ගනිමින් ජනාධිපතිවරයා කරන කියන දෑ එතරම් බැරෑරුම්ව නොසලකන බවද කියා සිටියි.

ravi pic 1000 px

වීඩියෝ

 

සබැඳි පුවත් :
වාරණයවූ රවීගේ විශේෂ ප්‍රකාශය මෙන්න

මතු සම්බන්ධයි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න