එළැඹෙන ජනාධිපතිවරණය නොවැම්බර් 16 වනදා පැවැත්වීමට නියමිත අතර ඊට අදාල ගැසට් නිවේදනය අද (18) රාත්‍රියේ නිකුත්කරන බවට මැතිවරණ කොමිසම ආරංචි මාර්ග සදහන් කරයි.
ඊට අනුව ජනාධිපතිවරණය සඳහා අදාල නාමයෝජනා ඔක්තෝම්බර් 07 වනදා කැඳවීමට නියමිත බවත් වාර්තා වෙයි.
යහපාලන ආණ්ඩුව විසින් ස්වාධීන කොමිෂන් සභා පිහිටුවීම හරහා මැතිවරණ කොමිසම පූර්ණ ස්වාධීන කොමිසමක් බවට පත්කර ඇත.
ඒ අනූව දැන් ජනාධිපතිවරණය පවත්වනු ලබන්නේ බලයේ සිටින ජනාධිපතිගේ සුභ දිනයට නොව මැතිවරණ කොමිසම තීරණය කරන දිනයකය.
අදාළ ගැසට් නිවේදනය අද(18) රාත්‍රීයේ නිකුත් කරන බව වාර්තා වෙයි.

