නෙළුම් කුළුණ වංචාවේ ලයින් මාරු වෙයි : ඩීල් එකක්ද සැකයි !

නෙළුම් කුළුණ වංචාවේ ලයින් මාරු වෙයි : ඩීල් එකක්ද සැකයි !

නෙලුම් කුළුණ ඉදිකිරීමේදී රුපියල් කෝටි දෙසීයක වංචාවක් සිදුවූ බවට ජනාධිපති සිරිසේන  ප්‍රකාශ සිදුකළත් එය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයෙක් සිදුකළ බවට ප්‍රකාශ නොකළ බවද එක්සත් ජනතා නිදහස් සන්ධානය සඳහන් කරයි.

වංචා දූෂණ සිදුකරනු ලබන්නේ දේශපාලනඥයින් පමණක් නොවන බවත් නිලධාරීන් පවා දූෂණ වංචා සිදුකරණ බවද එම සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර  සඳහන් කළේය.

ජනාධිපති සිරිසේන  සිදු‍කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ශව කීපයක් මේ වන විට අදහස් ප්‍රකාශ කර තිබෙන බවද පවසා සිටියේය.

මේ පිළිබඳව TRC එක වාර්තාවක් සකස් කරමින් තිබෙන බවත් මීට අමතරව චීන පාර්ශවයක් පිළිතුරක් ලබාදීමට නියමිතව තිබෙන බවද ඔහු පැවසීය.

අදාළ තොරතුරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යම් පාර්ශවයක් ලබාදී තිබෙන බවත් මෙම  වංචාව නිලධාරීන් සිදුකර තිබෙන්නටත් පුළුවන් බවද සඳහන් කළේය.  

 ජනාධිපති පාර්ශවය කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන !

මේ සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් සදහන් කරන්නේ ජනාධිපති සිරිසේන යළිත් වරක් තමන් කිසිඳු වගකීමකින් තොරව රට මෙහෙයවන්නකු බවට මේ සිදුවීම් පෙළ හරහා තහවුරු කර ඇති බවයි.

ජනාධිපතිවරයකු උභතෝකෝටික ප්‍රකාශ කිරීම එකී තනතුරට නින්දාවක් බවත් මේ සියල්ල ජනාධිපති සිරිසේන වෙතින් සිදුවන්නේ ඔහු මුහුණදී සිටින ගැඹුරු දේශපාලන සෝදාපාළුව නිසා බවත් ඔවුන් පෙන්වා දෙයි.

රාජපක්ෂ කඳවුරේ කොළ එළිය !

පසුගියදා ප්‍රසිද්ධ මාධ්‍ය ඔස්සේ ලෝකයටම ඇසෙන්නට ජනාධිපති සිරිසේන කියූ ප්‍රකාශය දැන් නිලධාරීන් පිට යැවීම පිටුපස ඇත්තේ රාජපක්ෂ කඳවුර වෙතින් නික්මූ කොළ එළිය බවට පැහැදිලි සැකසංකා ඇතිවන බවත් දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

ඒ පොහොට්ටු ලකුණ හැර වෙනත් ලකුණකින් ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත් වීමට ශ්‍රිලනිප ය ඉදිරිපත් කළ කොන්දේසිය සලකා බැලීමට හැකි බව පොහොට්ටු පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කිරීම විය හැකි බවත් ඔවුන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න