අප්‍රේල් 21 පාස්කු ඉරිදා එල්ලවු ත්‍රස්තවාදි ප්‍රහාර පිළිබඳ සොයාබලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරිමට පත්කළ විශේෂ තේරීම් කාරක සභාවේ අවසන් වාර්තාව ලබාදීම සඳහා තවත් මාසයක කාලයක් ලබාදීමට පාර්ලිමේන්තුව කටයුතු කර තිබේ.
ඒ ඊයේ (18) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීය.
මෙම විශේෂ කාරක සභාවේ අවසන් වාර්තාව සැප්තැම්බර් 30 වැනිදායින් අවසන් කිරිමට සැලසුම් කර තිබුණු බවත්, එම කාලය ප්‍රමාණවත් නොවන බැවින් ඔක්තෝම්බර් 31 දක්වා කාලය දීර්ඝ කිරිමට අවසර ඉල්ලා සිටින බවත් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.
පසුගිය මැයි 22 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවක් අනුව පත්කරන ලද මෙම විශේෂ කාරක සභාවේ කාලසිමාව පාර්ලිමේන්තුවෙ ස්ථාවර නියෝග 102 ප්‍රකාරව දිර්ඝ කරන බවද සභානායකවරයා සඳහන් කළේය.
මේ අතර සැප්තැම්බර් 20 වනදා පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීම සදහා ජනාධිපති සිරිසේන කැඳවා ඇති බවත් වාර්තා වෙයි.

