එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ තීරණය ලබන සතිය ඇතුළත ගන්නා බව එම පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.
මාධ්‍ය කළ විමසුමකදී ඔහු මේ බව සඳහන් කර තිබේ.
එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන් අද (19) පස්වරුවේ පැවැත්වෙන බවත් එහිදී ජනාධිපතිවරන අපේක්ෂකයා පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත් එහිදී අමාත්‍යවරයා සදහන් කර ඇත.
එක්සත් ජාතික පෙරමුණේ සියලුම නායකයින්ගේ එකඟතාවය තුළ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ ලබන සතිය තුළ අවසන් තීරණයක් ගන්නා බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

