සජිත් පාර්ශවය : අරලියගහ මන්දිරය වැටළීමේ සූදානමක !

සජිත් පාර්ශවය : අරලියගහ මන්දිරය වැටළීමේ සූදානමක !

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති නිසා වහාම එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන්නැයි බල කිරීම සඳහා එම පක්‍ෂයේ සජිත්  පාර්ශවය තීරණය කර ඇත.

 ඒ සඳහා අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ  හමුවී ජනාධිපති අපේක්ෂකයා වහා නම් කිරීමට කටයුතු කරන්නැයි ඉල්ලා සිටීමටද ඔවුන් තීරණය කර ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඊට ප්‍රමාණවත් ප‍්‍රතිචාරයක් නොලදහොත් සති අන්තය වන විට පාක්‍ෂිකයක් කැදවා අපේක්‍ෂකයා නම් කරන තෙක් අරලියගහ මන්දිරය වටලා උද්ඝෝෂණය කිරීමේ සූදානමක් සම්බන්ධවත් තොරතුරු ලැබෙමින් තිබේ.

මේ අතර රාජ්‍ය අමාත්‍යවරයකු සදහන් කර සිටියේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්ව තිබියදී පවා එජාප නායකයා එජාපයෙන් ඉදිරිපත් කරන අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට ඉඩ නොතබා කල් මරමින් සිටීම එජාප පාක්ෂිකයින්ගේ බලවත් කෝපයට හේතුවී ඇති බවත්, මේ සති අන්තය වනවිට පක්ෂ නායකයා විසින් එජාප අපේක්ෂකයා නම් කිරීමට කටයුතු නොකළහොත් අරලියගහ මන්දිරය වටලා සජිත් ප්‍රේමදාස අපේක්ෂකයා ලෙස ප්‍රකාශයට පත්කරන තෙක් උද්ඝෝෂණය කිරීමට තීරණය කර ඇති බවය.


මේ සම්බන්ධයෙන් අරලියගහ මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ගෙන් කළ විමසීමේදී කියා සිටියේ, ලබන සිකුරාදා (20) එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය කැඳවා අවසන් තීරණයක් ගැනීමට අගමැතිවරයා තීරණය කර ඇති බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න