චොංඡිං නාගරිකය හා අගමැති අතර ඵලදායි සාකච්ඡාවක් !

චොංඡිං නාගරිකය හා අගමැති අතර ඵලදායි සාකච්ඡාවක් !

චීනයේ චොංඡිං නාගරිකය හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා වෙළඳ සබඳතා ශක්තිමත් කරලීමේ අවස්ථාවන් පිළිබඳව චීනයේ හා ශ්‍රී ලංකාවේ අවධානය යොමුව තිබේ.

චීන කෙමියුනිස්ට් පක්‍ෂයේ හා කොමියුනිස්ට් පක්‍ෂ අන්තර්ජාතික දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිසක් ඊයේ  (18)  අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයා හමුවූ අවස්ථාවේදී මේ පිළිබඳව අවධානය යොමුවිය.

චීන කොමියුනිස්ට් පක්‍ෂය සහ එක්සත් ජාතික පක්‍ෂය අතර ඇති සමීප සබඳතාවය, දෙරට අතර මිත්‍රත්වය වර්ධනය කිරීමටත්, ශක්තිමත් කිරීමටත් පාදක වූ බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ චීන කොමියුනිස්ට් පක්‍ෂ දේශපාලන මණ්ඩල සභික සහ චොංඡිං නාගරිකයේ කොමියුනිස්ට් පක්‍ෂ ලේකම් චෙන් මිනර් අතර පැවති සාකච්ඡාවේ දී අවධාරණය කෙරිණි.

ජනාධිපති ෂි ජින් පිං ගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක කෙරෙන ‘එක් මාවතක් – එක් තීරයක්’ වැඩ පිළිවෙලෙහි සාමාජිකයෙක් ලෙස ශ්‍රී ලංකාවේ කාර්ය භාරය අගය කළ චෙන් මිනර්  කාර්මික හා කෘෂි කාර්මික නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ආයෝජනය කිරීම සඳහා චොංඡිං නාගරිකයේ ආයතන සූදානමින් සිටින බව ද පැවසීය.

ගෝලීය ආර්ථික බලය ආසියාව වෙත කේන්ද්‍රවෙමින් පවතින බව පෙන්වා දුන් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අනාගත ආසියානු අභියෝග පිළිබඳව සැලකිල්ලෙන් අවධානය යොමු කළ යුතු කාලය එළැඹ ඇති බව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාවේ ජනතාව වෙත උපරිමයෙන් සහය ලබා දීමට හැම විටම ක්‍රියා කරන බව ද චෙන් අවධාරණය කර ඇති බවත් වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න