වර්ජන රැල්ලක් :  පරිපාලනය 'සීමිත' වෙයි !

වර්ජන රැල්ලක් :  පරිපාලනය 'සීමිත' වෙයි !
තම වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් ඉල්කරගෙන රාජ්‍ය පාරිපාලන සේවා සංගමය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, දුම්රිය එන්ජින් රියදුරු සංගමය, ලංගම හා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක සංගමය රජයේ විධායක නිලධාරී සංගමය ඇතුළු වෘත්තීය සමිති රැසක් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹ සිටී. 
 
මේ අතර තම සංගමය පසුගිය සතිය තුළ දියත් කළ වැඩ වර්ජනයට නිසි පිළිතුරක් නොලැබිම හේතුවෙන් පසුගිය බ්‍රහස්පතින්දා (12) දින සිට 'සීමිත වැඩ' පමණක් කිරීමට තීරණය කර ඇති බව රාජ්‍ය පාලන සේවා සංගමයේ ලේකම් රෝහණ ද සිල්වා  පැවසීය.
 
තම එදිනෙදා සාමාන්‍ය රාජකාරි කටයුතුවලට අමතරව තමන්ට පැවරී ඇති හදිසි සංවර්ධන වැඩවල (ගම් පෙරළිය, එන්ටර් ප්‍රයිසස් ශ්‍රී ලංකා, සමෘද්ධි විශේෂ වැඩසටහන් ආදී) කටයුතු නොකිරීමටත්, අමාත්‍යවරුන් සම්බන්ධවන වැඩසටහන්වලට සහභාගි නොවීමටත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩල පත්වීම් ලබාදීමේ කටයුතු ආදියෙන් ඉවත්ව සිටීමටත් සවස 4.30 න් පසුව පැවැත්වෙන ප්‍රසම්පාදන කමිටුවල කටයුතු ආදියට සම්බන්ධ නොවීමටත් එක්දින සේවා ආයතනවල (උදා - ගමන් බලපත්‍ර කාර්යාලය) වැනි කවුන්ටර ප.ව 8.30 සිට 4.15 දක්වා පමණක් විවෘත කර තැබීමටත් තීරණය කර ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
 
මේ අතර පසුගිය අඟහරුවාදා (17) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී තම ගැටළුවට අදාළ කරුණු නිරීක්ෂණ කටයුතු සඳහා මුදල් අමාත්‍යංශය වෙත පැවරුවද කරුණු සිදුවන ආකාරයට තම ගැටළුවලට යහපත් ප්‍රතිචාරයක් ලැබේ යැයි තමන් විශ්වාස නොකරන බව රාජ්‍ය පරිපාලන සේවා සංගමයේ ලේකම් රෝහණ ද  සිල්වා තවදුරටත් ප්‍රකාශ කළේය.
 
(රාවය)
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න