පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජනාධිපතිගෙන් කොමිසමක් !  

පාස්කු ප්‍රහාරය සම්බන්ධව ජනාධිපතිගෙන් කොමිසමක් !   

පාස්කු ඉරිදා ප්‍රහාරය සමබන්ධ විමර්ශනයට ජනාධිපති සිරිසේන  විසින් පංච පුද්ගල කොමිසමක් පත්කර තිබේ.

අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළ සිද්ධීන් සම්බන්ධව විමර්ශනය කිරීමටත්, ඊට සම්බන්ධ පුද්ගලයන්, සංවිධාන හඳුනා ගැනීමටත් රාජ්‍ය නිලධාරීන් අයුතු ලෙස බලය යොදා ගැනීම, අතපසු කිරීම සහ වගකිම් පැහැරහැරීම ආදිය පිළිබඳව විමර්ශනයටත් මෙම කොමිසම වෙත බලය පවරා ඇත.

ඊට අදාල ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් විසින් නිකුත්කර ඇත.

කොමිසමේ සභාපතීත්වය සඳහා අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා පත්කර ඇති අතර සෙසු සාමජිකයන් වන්නේ අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු නිහාල් සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු බන්ධුල කුමාර අතපත්තු සහ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරියක වන ඩබ්ලිව්.එම්.එම්.අධිකාරී ය.

කොමිසමේ විමර්ශනවලට අදාල පළමු අතුරු වාර්තාව මාස 3ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු බවත් මාස 6ක් ඇතුළත අවසන් වාර්තාව සකස්කර ලබාදිය යුතු බවත් ඊට අදාල ගැසට් නිවේදනයේ දක්වා තිබේ.

මීට අමතරව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ද කොමිසමේ වගකීමක් වන අතර මෙවැනි සිද්ධීන් ඉදිරියේදී ඇතිවීම වැලැක්වීමට අදාල නිර්දේශ ඉදිරිපත් කරන ලෙස ද දක්වා ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න