රනිල් - කරූ -  සජිත් : අද සාකච්ඡා කළේ මොනවද ?

රනිල් - කරූ -  සජිත් : අද සාකච්ඡා කළේ මොනවද ?
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ , කතානායක කරූ ජයසූරිය සහ එජාප නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අතර අද  (22) පැවති සාකච්ඡාව පැයක පමණ කාලයක් තුළ අවසන්ව ඇති බව වාර්තා වෙයි.
 
දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට මෙහිදී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම , 19 වන ව්‍යවස්ථා සංශෝධනය ආදී කරුණු කිහිපයක් සම්බන්ධව සාකච්ඡා වී තිබේ.
 
එසේම මෙම සාකච්ඡාවේදී එජාප ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධව සාකච්ඡා නොකළ බවත් එම ආරංචි මාර්ග සදහන් කළ අතර එජාප ජනාධිපති අපේක්ෂකයා එළැඹෙන කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී නම් කරන බවට එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පෙර දැනුම්දීම සිදුකළ ආකාරයකට සිදුකරන බවත් පැවසීය.
 
සාකච්ඡා සාර්ථකයි : අපේක්ෂකයා නිතරගයෙන් - සජිත් පාර්ශවය !
 
කෙසේ වුවත් අප මේ සම්බන්ධව සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ පාර්ශවය වෙතින් විමසීමේදී වාර්තා වූයේ එය ඉතා සාර්ථක වූ බවය.

එහිදී පක්ෂයේ බෙදීමකින් තොරව කිසිදු ඡන්දයක් නොපවත්වා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟත්වයෙන් අපේක්ෂකයා තෝරා ගැනීමට එකඟතාව ඵලකර ඇති බවත්  දැනට කටයුතු කරන පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා කිසිදු අලුත් සාමාජියකු පත් නොකිරීමට ද තීරණය කර ඇති බවත් එහිදී සඳහන් විය.


තවද  කතානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තොරාගැනීමට ගොස් පක්ෂයේම අය අතර එකිනෙකා කුළල්කා ගෙන බෙදීමකට ලක්වීම වැළැක්වීම පිණිස මෙම සාකච්ඡාව සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කර ඇති බවත්  මේ සම්බන්ධයෙන් තවත් සකාච්ඡාවක් හෙට (23) දින පක්ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර පැවැත්වීමට නියමිත බවත් දැනගන්නට ලැබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න