එහිදී පක්ෂයේ බෙදීමකින් තොරව කිසිදු ඡන්දයක් නොපවත්වා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟත්වයෙන් අපේක්ෂකයා තෝරා ගැනීමට එකඟතාව ඵලකර ඇති බවත් දැනට කටයුතු කරන පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය සඳහා කිසිදු අලුත් සාමාජියකු පත් නොකිරීමට ද තීරණය කර ඇති බවත් එහිදී සඳහන් විය.
තවද කතානායක කරූ ජයසූරිය, එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා තොරාගැනීමට ගොස් පක්ෂයේම අය අතර එකිනෙකා කුළල්කා ගෙන බෙදීමකට ලක්වීම වැළැක්වීම පිණිස මෙම සාකච්ඡාව සඳහා මැදිහත්කරු ලෙස කටයුතු කර ඇති බවත් මේ සම්බන්ධයෙන් තවත් සකාච්ඡාවක් හෙට (23) දින පක්ෂ නායක, අගමැති රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස අතර පැවැත්වීමට නියමිත බවත් දැනගන්නට ලැබිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
