කරූ සූදානම් !

කරූ සූදානම් !

එක්සත් ජාතික පක්ෂ නායක, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ එකඟතාව ඇතිව අභියෝගයක් ලෙස තමන් වෙත භාර කෙරෙන්නේ නම් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කිරීමට තමන් සූදානම් බව කථානායක කරූ ජයසූරිය පවසා ඇතැයි වාර්තා වෙයි.

 අද (22)  පැවති රනිල් - සජිත් - කරූ සාකච්ඡාවලින් අනතුරුව මේ සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් කතානායක කරූ ජයසූරිය තමන්ට කළ බව LNW වාර්තා කර තිබේ

අද දිනයේ කථානායක නිල නිවසේදී අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය  සජිත් ප්‍රේමදාස සහ කතානායක   කරූ ජයසූරිය  අතර වෙන් වෙන්ව සාකච්ඡා කිහිපයක්ම පැවැත්වී ඇති අතර පක්ෂයේ බෙදීමකින් තොරව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණය අනුව අපේක්ෂකයා නම් කිරීමට මූලික එකඟතාවකට පැමිණ තිබෙන බවත් එම පුවතේ සදහන් කර තිබේ.

  මේ සම්බන්ධයෙන් හෙට දිනයේදී ද රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා  සහ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා  අතර තීරණාත්මක සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත් එහි සදහන් කර ඇත.

කතානායක කරූ ජයසූරිය උපුටා දක්වමින් LNW  වැඩිදුරටත් සදහන් කර ඇත්තේ  තමන් මීට පෙර නිවේදන දෙකකින් ම අවධාරණය කළේ පක්ෂය තුළ බෙදීමක් ඇති කිරීමට තමන්ට කිසිසේත්ම වුවමනාවක් නොමැතිය යන්න බවයි. 

එසේම  පක්ෂය බෙදීමකට ලක් නොවී අග්‍රාමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම අභියෝගයක් ලෙස තමන්ට භාර කෙරෙන්නේ නම් කිසිදු පැකිළීමකින් තොරව එම අභියෝගය භාරගෙන පක්ෂය වෙනුවෙන් එය ඉටු කරන බවත් කතානායකවරයා පැවසූ බවත් එහි සදහනය.

"සජිත් කියන්නේ හොඳ ජවසම්පන්න තරුණයෙක්. සජිත්ට පැහැදිලි අනාගතයක් පක්ෂය තුළ තියෙනවා. ඒක ස්ථිරයි. අපි බෙදීම් ඇති කරගන්න අවශ්‍ය නෑ. එහෙම නොවී අගමැතිතුමා කියනවා නම් මම සටනට සූදානම් බවත් කතානායක කරූ  ජයසූරිය පැවසූ බවත්  එම  පුවතේ වාර්තා කර ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න