එජාපයත් පොහොට්ටුවත් තානාපති කාර්යාල සමඟ සාකච්ඡාවල - ජනාධිපති 

එජාපයත් පොහොට්ටුවත් තානාපති කාර්යාල සමඟ සාකච්ඡාවල - ජනාධිපති 
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හැර ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙකම තානාපති කාර්යාල සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව ජනාධිපති සිරිසේන පවසයි.
 
හොරුන් දූෂිතයන්, පාතාලයන් සහ මිනිමරුවන් කුමන පක්ෂයක සිටිය ද එම කිසිදු පක්ෂයකට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය හිමි නොවන බවත්  අද ශක්තිමත් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැති ව කිසිවෙකුට ඉදිරි ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කළ නොහැකි බවත් ජනාධිපති සිරිසේන පවසයි.
ජනාධිපති සිරිසේන මේ බව සඳහන් කර සිටියේ අද (22) මාතර වැලිගම නගර ශාලාවේ දී පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ති‍්‍රක් සමුළුව අමතමිනි. 
 
අතීතයේ මෙන් ම අද ද සන්ධාන, පෙරමුණු නොමැති ව කිසිවෙකුට ආණ්ඩු සැදිය නොහැකි අතර ඉදිරි ජනාධිපතිවරණය ද ජයග‍්‍රහණය කළ හැක්කේ වාම ප‍්‍රගතිශිලී පෙරමුණු දේශපාලන ව්‍යාපාරයක් තුළින් බවත් ඔහු පැවසීය.
 
ඉදිරි ජනාධිපතිවරණය ස`දහා ගොඩනැගිය යුත්තේ රට වෙනුවෙන් දේශපාලනය කරන පිරිසකගේ පෙරමුණක් බවත් 
ඉදිරියේ දී බිහිවන නව රජය රටට ආදරය කරන දේශපේ‍්‍රමි සහ සියලූ ජනකොටස් අතර විශ්වාසය තහවුරු කළ හැකි වැඩපිළිවෙළකට එළැඹිය යුතු  බව ද ඔහු පැවසීය.
එසේම  රටේ සියලූ ජනතාවට සමානාත්මව සමාජයක ජීවත්වීමේ අයිතිය  තහවුරු කිරීම අද දවසේ දැඩි අවශ්‍යතාවයක් ව පවතින බවත් එමෙන්ම විදේශ බලවේගවලට යටත් නොවන ආණ්ඩුවක් ඉදිරියේ දි රටේ බිහිවිය යුතු බවත් පැවසීය. 
රට පාවා දෙන දුෂිත බලවේග පරාජය කරන ජනතාවාදී වැඩපිළිවෙළක් රටට අවශ්‍ය අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාවය, අභිමානය සහ පාක්ෂිකයන්ගේ ගෞරවය ආරක්ෂාවන වැඩපිළිවෙළකට ඉදිරියේ දී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එළැඹෙන බව ද ජනාධිපතිතුමා අවධාරණය  කළේ ය. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, කුමාර වෙල්ගම, මනෝජ් සිරිසේන ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගීව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න