ගෝඨාගේ හැඳුනුම්පතත් ප්‍රෝඩාවක් : පොහොට්ටුව වෙන රාජපක්ෂ කෙනෙක් හොයයි !

ගෝඨාගේ හැඳුනුම්පතත් ප්‍රෝඩාවක් : පොහොට්ටුව වෙන රාජපක්ෂ කෙනෙක් හොයයි !

ගෝඨාභය නන්දසේන රාජපක්ෂ විසින් මෑතකදී ලබාගෙන ඇති නව හැදුනුම්ප සහ විදෙස් ගමන් බලපත්‍රයේ නෛතික වලංගුභාවය සම්බන්ධව බරපතල අර්බුදයක් මතුව ඇති බැවින් රාජපක්ෂ කඳවුරේ විකල්ප අපේක්ෂකයකු වෙනුවෙන් රහස් සාකච්ඡාවක් සිදුවන බව වාර්තා වෙයි.

විශ්වාසවන්ත කටයුතු ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනය හමුවේ මේ හැඳුනුම්පත් සහ විදෙස් ගමන් බලපත්‍රය සම්බන්ධ නීති විරෝධී කටයුත්ත   අනාවරණය වී ඇති අතර ඒ සම්බන්ධව අධිකරණය දැනුවත් කර ඇති බවත් වාර්තා වෙයි.

මතුව ඇති තත්ත්වය හමුවේ එය ජනාධිපති අපේක්ෂකත්වය ගැනීමට  ප්‍රශ්නයක් බවට පත්වෙයිද යන්න සම්බන්ධව මේ වන විට පොහොට්ටු පාර්ශවයේ ප්‍රබලයන් කිහිපදෙනකු නීති ක්ශේත්‍රයේ ප්‍රවීණයන් කිහිපදෙනකු වෙතින් විශේෂ අධ්‍යයනයක් කරවමින් සිටින බවත් වාර්තා වෙයි.

එසේම එය වරදක් ලෙස සැලකුණහොත් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පත්කරන අපේක්ෂකයා කවුද යන්න සම්බන්ධව සාකච්ඡා සිදුවෙන අතර ගෝඨාභය රාජපක්ෂ වෙනුවට ගෙනෙන අනෙක් රාජපක්ෂ කවුද යන්න මෙතෙක් තීන්දු කර නොමැති බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.

තවද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අවලංගු කරනු ලැබූ හැදුනුම්පතක් යොදාගෙන ඊට පසු වර්ෂ කිහිපයක ජන්ද හිමි නාමලේඛණයේ ලියාපදිංචි වීම සම්බන්ධව ද මේ වන විට ගෝඨාභය රාජපක්ෂ වෙත පැහැදිලි චෝදනා එල්ලවෙමින් තිබේ.

2016 අවලංගු කල හැඳුනුම්පත් අංකයට 2019 දී ජන්ද හිමි නාමලේඛණයට ලියාපදිංචි වෙලා !

මීට අදාල හැදුනුම්පත පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් අවලංගුකර ඇත්තේ 2016 වසරේදීය. එහෙත් මේ වන විට අනාවරණය වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ 2017, 2018, 2019 යන වර්ෂ සඳහා ජන්ද දායකවීම වෙනුවෙන් වන ලියාපදිංචිය ලබාගෙන ඇත්තේ 2016 දී අවලංගු කළ මෙම හැදුනුම්පත් අංකය යොදාගෙනය.

අවලංගු කරනු ලැබූ හැදුනුම්පතක අංකයක් මෙවැනි කටයුත්තක් සඳහා යොදාගැනීම බරපතල වරදකි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න