Language Switcher

V2025

ඌවේ ආණ්ඩුකාර මෛත්‍රී  : සජිත්ව කෙසෙල් ඇවරියේ එල්ලයි !

කෙසෙල් ඇවරිය ලකුණෙන් මීළඟ ජනාධිපතිවරණය සඳහා තරඟ වැදීමට එක්සත් ජාතික නිදහස් පෙරමුණ තීරණය කොට ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන බව ඌව ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගේ  පෞද්ගලික මාධ්‍ය ඒකකය වාර්තා කරයි.

විද්‍යුත් ලිපියක්  යොමුකරමින් එම මාධ්‍ය ඒකකය මේ බව සඳහන් කරන අතර එක්සත් ජාතික නිදහස් පෙරමුණ පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී පළාත් පාලන ආයතන 65ක් සඳහා තරඟ කොට මන්ත්‍රී ආසන 21ක් දිනාගැනීමට සමත් වූ අතර එහිදී කොළඹ, ගාල්ල හා මීගමුව යන මහ නගර සභා වලද ආසනය බැගින් ජය ගැනීමට එම පක්ෂය සමත්වූ බවත් එහි සඳහන් කර ඇත.

එසේම එක්සත් ජාතික නිදහස් පෙරමුණ මහා ලේකම්වරයා ලෙස කටයුතු කරනු ලබන්නේ ජනාධිපති නීතීඥ මෛත්‍රී ගුණරත්න වන අතර එහි සභාපතිවරයා ලෙස කටයුතු කරනු ලබනුයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උපාලි අමරසිරි බවත් එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස කෙසෙල් ඇවරිය ලකුණින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීම ගැන රට පුරා කතාබහක් යන බවත් එහි සඳහන් කර ඇත.

අදාළ විද්‍යුත් ලිපිය ඇතුළත් PDF හී ජයාරූපය පහත දැක්වෙයි.

Capture1

සංස්කාරක සටහන : මෛත්‍රී ආණ්ඩුකාරයාගේ හැසිරීම කැතයි නින්දිතයි !

keerthi media  ලෙස යොමුකර ඇති මෙම විද්‍යුත් ලිපිය මෙරට සෑම මාධ්‍ය ආයතනයක් වෙතම යොමුකර ඇත. ඊට අදාළ ඌවේ ආණ්ඩුකාර මෛත්‍රී  ගුණරත්න  මේ පිටුපස සිටින බව පැහැදිළිය. එහෙත් අපැහැදිළි කරුණ වන්නේ ඌවේ ආණ්ඩුකාර තනතුර සහ මේ ලිපිය ප්‍රසිද්ධ මාධ්‍ය වෙත යොමුකිරීම අතර සම්බන්ධයි.

අප දන්නා ආකාරයට ආණ්ඩුකාරවරයා යනු පළාත් සභා වෙනුවෙන් වන විධායකයේ නියෝජනයයි. එනිසා එය ගෞරවනීය තනතුරක් බව අමුතුවෙන් කිවයුතු නැත. නමුත් මෛත්‍රී ගුණරත්න  හැසිරෙන්නේ එවැනි වෘත්තීය ගෞරවයක් ආරක්ෂා කරන ආකාරයට නොවන බව මේ ලිපියෙන් තහවුරු වෙයි. 

අදාළ විද්‍යුත් ලිපියේ PDF පිටපතේ සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ නම සඳහන් කර ඔහු සහ කෙසෙල් ඇවරිය පටළවා  word පිටපතේ එය ඉවත්කර ඇති අතර ඒ අනුව ඌව ආණ්ඩුකාරවරයා ප්‍රසිද්ධියේ දේශපාලන ගේමක් ගසමින් සිටින බව ඔප්පුකර ඇත. එසේම ලිපිය ප්‍රවෘත්තියක් හැටියට සකස්කර ඇතත් ඒද නිල පුවතක් ලෙස නොව අමු ගොබ්බ ගොසිප් එකක් ලෙසය.

මෙවැනි පුවතක් ප්‍රචාරය කිරීම හරහා මෛත්‍රී ගුණරත්න  අපේක්ෂා කරන්නේ කුමක් වුවත් එය  ඌව පළාතේ මහජන අභිලාෂය නොවන බව නම් ස්ථිරය. අනෙක් අතට එජාප අපේක්ෂකත්වය වෙනුවෙන් තියුණු සංවාදයක් පක්ෂ අභ්‍යන්තරයේ පවතින මොහොතක මේ කර ඇති කටයුත්ත ලැජ්ජා සහගතය. ආණ්ඩුකාර මාධ්‍ය ඒකකයකට නොතරම්ය. 

කරුණාකර තනතුරේ ගෞරවය ආරක්ෂා කරගෙන කටයුතු කරන්න. ඔබත් සමඟ සමකාලීනව ආණ්ඩුකාර ධුර ලැබූ සුරේන් රාඝවන්, ධම්ම දිසානායක දෙස් බලාවත් ඉගෙන ගන්න.