ජාතිවාදී ආගම්වාදී ත්‍රස්තවාදී කාටවත් ඉඩක් දෙන්නේ නෑ - සජිත් 

ජාතිවාදී ආගම්වාදී ත්‍රස්තවාදී කාටවත් ඉඩක් දෙන්නේ නෑ - සජිත් 

තම පාලන කාලය තුළ ආගමික සිද්ධස්ථාන විනාශ කිරිමට ඉඩක් නොදෙන බවත් අතීතයේ සිදුවූ දේවල් ඇතැම් පාර්ශ්වයන්ට අමතක වී ඇති බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස  පැවැසීය.

අනුරාධපුරයේ පැවැති ආගමික වැඩසටහනකදී ජනතාව අමතමින් ඔහු මේ බව පැවැසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

 “එක්තරා පිරිසක්  අලුත්ගම, බේරුවල  ඉස්ලාමිය දේවස්ථාන විනාශ කළා. තවත් පිරිසක් මාවනැල්ලේ බුදුපිළිම විනාශ කළා. ඒ අන්තවාදය ප්‍රතික්‍‍‍ෂේප කළ යුතුයි. ඒවා එළි පිට කතා කළ යුතුයි.  ඒවා ගැන කතා කරන්නට හොඳ කශේරුකාවක්, කොඳු නාරටියක් තිබිය යුතුයි.

කිසිම අවස්ථාවක මේ රටේ බුදුපිළිම විනාශ කරන්නට ඉඩක් නැහැ. ඒවාට දැඩි දඩුවම් දිය යුතුයි. මේ රටේ ඉස්ලාමිය දේවස්ථාන විනාශ කරන්නටත් ඉඩක් නැහැ. ඒවාට දැඩි දඩුවම් දිය යුතුයි. කෝවිල් විනාශ කිරිම ක්‍රිස්තියානි, ක‍තෝලික දේවස්ථාන විනාශ කිරිමට අපේ රටේ ඉඩක් නැහැ. එවැනි දේට දඬුවම් දිය යුතු කාලය පැමිණ තිබෙනවා.

කිසියම් පුද්ගලයෙක් ත්‍රස්ත කියාවක නියලුනා කියා අපට ඒ මුළු ජාතියම ත්‍රස්තයෝ කියා හංවඩු ගසන්නට බෑ. අද ජන සමාජය ව්‍යාකූල වි තිබෙනවා. සමහරෙකුට සිදුවුණු දේවල් අමතකයි. අද සමහරු බේරුවල, අලුත්ගම දේවස්ථාන විනාශ කරපු අය ළඟට ගොස් වැඳ වැටෙනවා. සමහරු අලුත්ගම සිද්ධින් වල මහා මොළකරුවන්ට මල්මාලා දානවා.  අන්තවාදයට අපේ රටේ කිසිම ඉඩක් නැහැ. ත්‍රස්තවාදයට ඉඩක් නැහැ. ත්‍රස්තවාදය අප විනාශ කළ යුතුයි. අන්තවාදයත් විනාශ කළ යුතුයි. 

මට රටේ ජනතාව වරම ලබා දුන් දිනක මා රටේ අන්තවාදයත්, ත්‍රාස්තවාදයත් විනාශ කරනවා. ජාති බේදයට, ආගම් බේදයට  මා ළඟ ඉඩක් නැහැ. මගේ කාලවකවානුව තුළ බුදුපිළිම විනාශ කරන්නට බැහැ. ඉස්ලාමිය ආගමික සිදස්ථාන විනාශ කරන්නට බැහැ. පල්ලි කෝවිල් පුච්චන්නට බැහැ. ජාතිවාදි අරගල බැහැ ඒවාට දැඩි දඩුවම් ලබා දෙනවා. අපේ රට විනයක් ඇතිව ඉදිරියට යා යුතුයි."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න