පැය 72න් එජාප අපේක්ෂකයා එයි : රනිල් සජිත් අදත් හමුවෙයි !

පැය 72න් එජාප අපේක්ෂකයා එයි : රනිල් සජිත් අදත් හමුවෙයි !

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදයට විසඳුමක් ලබාගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායක අගමැති රනිල් වික්‍රමසිංහ හා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා අතර අද (23) දිනයේ ද විශේෂ සාකච්ජාවක් පැවැත්වීමට නියමිතය.

කතානායක කරු ජයසුරිය අතරමැදියා වශයෙන් කටයුතු කරමින් සංවිධානය කර ඇති එම සාකච්ජාව කතානායක නිල නිවසේදී පැවැත්වීමට මේවනවිට කටයුතු යොදාගෙන ඇතැයි වාර්තාවේ.

අගමැතිවරයා සමග ඊයේ (22) දිනයේ සිදුකළ සාකච්ජාව ද අතිශයින් පලදායක වූ බවත් අද දිනයේදී තවත් බොහෝ කරුණු කාරණා සම්බන්ධයෙන් එකඟත්වයක් ඇතිකර ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවත් theleader.lkකළ විමසීමක දී අමාත්‍ය සජිත් ප්‍රේමදාස පැවසිය. එහිදී කරු ජයසුරිය කතානායකවරයාගේ මැදිහත්වීම බෙහෙවින් අගයකළ යුතු බවද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

කරු භික්ෂුන් වහන්සේලාට කියපු කතාව :

මේ අතර අද (23) 'අද' පුවත්පත වාර්තා කර ඇත්තේ, තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ගත් තීරණය වෙනස් කළ බවට කථානායක කරු ජයසූරිය භික්ෂූන් වහන්සේලා පිරිසක් හමුවේ ඊයේ (23දා) පවසා ඇති බවයි.

තමන් අපේක්ෂක ධුරය අපේක්ෂා නොකරන බවත්, එය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෝ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතරින් කෙනෙකුට ලැබිය යුතු බවත් කථානායකවරයා සඳහන් කර තිබේ.

කරු ජයසූරිය කතානායකවරයා, අග්‍රාමාත්‍යවරයා හා නියෝජ්‍ය නායකයා හමු වී සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම භික්ෂූන් වහන්සේලා හමු වී ඇත.

ඒ අනුව ඉතා ඉක්මනින් එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගැටලුව විසඳෙනු ඇති බවද කථානායකවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.

''ඉදිරි පැය 72 තුළදී තීන්දුවක්''                                                                   Harisan text

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීන්දුව බොහෝදුරට ඉදිරි පැය 72 තුළ දී ප්‍රකාශයට පත් කරනු ඇති බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

මේ සම්බන්ධයෙන් 'නෙත් නිවුස්' කල විමසීමක දී එක්සත් ජාතික පක්ෂ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අවධාරණය කර සිටියේ, ජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ අවසන් තීරණය ගන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය බවයි. 

කෙසේවෙතත්, අමාත්‍ය පී හැරිසන් ද ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු කණ්ඩායමේ ඡන්දයක් හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයකින් ද තොරව ඒකමතිකව ජනාධිපති අපේක්ෂකයා තීරණය කරන බවයි. අවසන් තීන්දුව ලබන බදාදා ප්‍රකාශ කරන බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ උප නායක අමාත්‍ය රවී කරුණානායකගෙන් ද 'නෙත් නිවුස්' මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී ඔහු අවධාරණය කළේ අපේක්ෂකක්ව අර්බුදය බදාදා වනවිට අවසන් කරන බවයි. 

රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ද 'නෙත් නිවුස්' වෙත කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා හෙට හෝ අනිද්දා ප්‍රකාශයට පත් කරන බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න