එජාප අපේක්ෂකයා යෝජනා කරන : කමිටු වාර්තාව අද රනිල් අතට !

එජාප අපේක්ෂකයා යෝජනා කරන : කමිටු වාර්තාව අද රනිල් අතට !

එක්සත් ජාතික පක්ෂයේ  ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරා ගැනීම පිණිස පක්ෂ නායකයා වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පත්කළ කමිටුවේ තීරණාත්මක වාර්තාව අද (23) පක්ෂ නායක අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ  වෙත භාරදීමට නියමිත බව වාර්තා වෙයි.

අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ  විසින් මේ කමිටුව පසුගියදා පත්කරනු ලැබුවේ එජාප ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධව පැනනැගුනු අර්බුදකාරි තත්ත්වය නිසාය.

එහිදී  පත්කළ කමිටුවේ සාමාජිකයන් වූයේ  අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, රන්ජිත් මද්දුමබණ්ඩාර හා රාජිත සේනාරත්න සමඟ දිනේෂ් වීරක්කොඩි ය.

දේශපාලන ආරංචි මාර්ග සදහන් කරන ආකාරයට එම වාර්තාවේ කරුණු සැලකිල්ලට ගෙන අග්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිවරණය සඳහා වන එජාප අපේක්ෂකයා හෙට (24) පැවැත්වීමට නියමිත එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල හමුවේදී නම් කරනු ඇත.

පසුව ඊට වෙනස් මතයක් කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් වෙත ඇත්නම් අදාල නාම යෝජනාව සම්බන්ධව කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් අතර ජන්ද විමසීමක් සිදුකෙරෙන අතර එහිදී බහුතරය ලබාගන්නා පුද්ගලයා එජාපයේ ජනාධිපති අපේක්ෂකයා වනු ඇත.

මේ වන විට නම් තුනක් එජාප ජනාධිපති අපේක්ෂකයා වෙනුවෙන් යෝජනා වී ඇති අතර ඒ පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස , කතානායක කරූ ජයසූරිය සහ පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න