Language Switcher

V2025

ඇවන්ට්ගාඩ් නඩුව විසිවෙයි !

ඇවන්ට්ගාඩ් නඩුවේ අල්ලස් සිද්ධියකට අදාළව  ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු  ලේකම් ගෝඨාභය රාජපක්ෂ  ඇතුළු සැකකරුවන් 8 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (23) නියෝග කළාය.

සිද්ධියට අදාළව අභියාචනාධිකරණ තීන්දුව ප්‍රකාරව මෙම සැකකරුවන් නිදහස් කළ මහේස්ත්‍රාත්වරිය අද අධිකරණයේ පෙනී නොසිටි සැකකරුවන් වෙත එය දැනුම් දෙන ලෙසත් නියෝග කළාය.

රුපියල් බිලියන 11.4 ක් රජයට පාඩු කළැයි ඇවන්ට්ගාඩ් සිද්ධියට අදාළව අල්ලස් කොමිසම මගින් මෙම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කර තිබිණි.