එජාප අපේක්ෂකයා නම් කිරීම 25 වනදා සිරිකොතේදී !

එජාප අපේක්ෂකයා නම් කිරීම 25 වනදා සිරිකොතේදී !

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සුවිශේෂී රැස්වීම බ‍්‍රහස්පතින්දා (25) පෙරවරුවේ පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ  මූලස්ථානයේදී  පැවැත්වෙන අතර එහිදී  2019 ජනාධිපතිවරණ අපේක්ෂක තෝරා ගැනීම සිදුවන බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ පුළුල් සන්ධානයේ ජනාධිපති අපේක්ෂක තේරීම සඳහා බ‍්‍රහස්පතින්දා (25)  සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය සූදානම් කර ඇති බවත් වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂ  ව්‍යවස්ථාවේ 9/1 වගන්තියට අනුව කෘත්‍යාධිකාරි මන්ඩලය විසින් පත් කරනු ලබන නාමයෝජනා කමිටුව විසින්  ජනාධිපතිවරණ අපේක්ෂක  කවුරුන්දැයි කෘත්‍යාධිකාරි මණ්ඩළයට දැනුම් දීමට නියමිතය.

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා කෘත්‍යාධිකාරි මන්ඩලය විසින් පත්කරන  නාම යෝජනා මණ්ඩලය  පැයකට පමණ පසුව පැමිණ ජනාධිපති අපේක්ෂක දැනුම්දීම  සම්ප‍්‍රදාය ලෙස පවතී.

නාම යෝජනා මණ්ඩලය විසින්  නම් කරන අපේක්ෂකයාට අමතරව තවත් ජනාධිපතිවරණ  අපේක්ෂකයන් ඉදිරිපත් වන්නේ නම්  එක්සත් ජාතික  පක්ෂ ව්‍යවස්ථාව අනුව කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් අතර ඡන්ද විමසීමක් කළ යුතු වේ.

ඡන්ද විමසීමටද හැකි වන ආකාරයට කෘත්‍යාධිකාරි මණ්ඩල  රැස්වීම පැවැත්වීම සඳහා පිටකෝට්ටේ  සිරිකොත  එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය  මේ වනවිට  සූදානම් කර පවතී.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න