Language Switcher

V2025

ගෝඨා චෝදනාවලින් නිදහස් නෑ : නලින් බණ්ඩාර පෙන්වා දෙයි !

ඇවන්ට්ගාඩ් නඩුවෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිස නිදහස් කර ඇත්තේ මුළුමනින්ම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරන පදනමින් නොවන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර අවධාරණය කරයි.
 
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සදහන් කර සිටියේ ඇවන්ට්ගාඩ් නඩුව සඳහා   23 වනදා නිකුත්කරනු ලැබූ මහේස්ත්‍රාත් අධිකරණ තීන්දුව සම්බන්ධව පොහොට්ටු පාර්ශවය ගෙන යන ප්‍රචාරයට ප්‍රතිචාර දක්වමින්ය.
 
එහිදී අමාත්‍යවරයා මෙසේ කරුණු දක්වයි.
 
ඇවන්ගාඩ් ගනුදෙනුව සම්බන්ධව විශේෂයෙන්ම හිටපු අල්ලස්  අධ්‍යක්ෂක ජෙනරාල්වරිය දිල්රුක්ෂි වික්‍රමසිංහ මැතිනිය හා සම්බන්ධවුණු කතාවක් විශේෂයෙන්ම ඇවන්ගාඩ් නඩුවේ තීන්දුව සම්බන්ධවත් අදහස් කරන්නේ. දැන් අපි දැක්කා ඒ නඩුව සම්බන්ධව මහේස්ත්‍රාත් උසාවියෙන් දුන්නු තීන්දුව. ඒකේ ඔවුන් නිදහස් කරලා තියෙනවා කියන කාරණේ. මේක අල්ලගෙන මේ පාර්ශවය උඩ පනින්න පුලුවන්. පැහැදිළිවම කියන්න ඔ්නේ මේ නිදහස් කිරීම සම්බන්ධව. නඩුවල නිදහස් කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමා නිදහස් කරනවා. අනිත් එක තමයි නිදොස් කොට නිදහස් කරනවා. මෙතන නිදොස් කොට නිදහස් කිරීමක් නෙවෙයි වෙලා තියෙන්නේ චෝදනා පත්‍රය ගොනු කිරීමේදී කරලා තියෙන තාක්ෂණික දෝෂයක් පිළිබඳව මූලික විරෝධතාවයක් ගොනු කරලා තියෙනවා විත්ති පාර්ශවය. 
 
නැවත නඩු පැවරීමට ඉඩ තියනවා !
 
ඒ තමයි නඩු පැවරීමේදී අල්ලස් හා දූෂණ කොමිසමේ සාමාජිකයින්ගේ අනුමැතිය අධ්‍යක්ෂක ජෙනරාල්වරියට ලැබිය යුතුයි නඩු පවරන්න. ඒ අනුමැතිය සහිත ලිපිය එහෙම නැත්නම් ඒ සහතිකය අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි. ඉතින් මේ නඩු පැවරීමේදී අධ්‍යක්ෂක ජෙනරාල්වරිය දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය විසින් මේ කොමිසමේ සාමාජිකයින් විසින් නඩු පැවරීමට බලය පවරන ලද සහතිකය ඉදිරිපත් කරලා නැහැ කියන කාරණයට මූලික විරෝධතා ඉදිරිපත් කිරීම හරහා එය පදනම් කරගෙන තමයි ගරු මහේස්ත්‍රාත්තුමා නිදහස් කරලා තියෙන්නේ ඒ වගේම පැහැදිළිවම ඒ නිදහස් කිරීමේදී එතුමා සටහන් කරලා තියෙනවා අල්ලස් කොමිසමට නිවැරදි කාර්ය පටිපාටිය අනුගමනය කරලා නැවත නඩුව ගොනු කිරීමට කිසිදු බාදාවක් නොවන බව.
 ඒක ඉතාම වැදගත්. 
 
දිල්රුක්ෂිගේ ප්‍රශ්නයක් දැයි සැකයක් !
 
සාමාන්‍යයෙන් නිදහස් කිරීමේදී එහෙම සටහන් කරන්න ඕන නැහැ ,කොහොමත් නැවත නඩු පවරන්න පුළුවන්. හැබැයි මේ තීන්දුවේදී පැහැදිළිවම කියලා තියෙනවා නිසි ක්‍රමවේදයට නැවත අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවට මෙම නඩුව මෙම කාරණය අදාළව පවරන්න පුළුවන් කියන කාරණය.ඒ නිසා අපිට බරපතල ගැටලුවක් තියෙනවා එවකට අධ්‍යක්ෂක ජෙනරාල්තුමිය විදිහට කටයුතු කරපු දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය  ඇයි මේ වගේ නඩු කටයුත්තක් ඒ නිසි ක්‍රමවේදය ඇතුළුව නිසි ක්‍රමවේදය තුළ ගොනු නොකරේ කියන කාරණය. එතුමිය දැනට නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිපතිතුමාට පසුව ඉන්න ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිය විදිහට කටයුතු කරන නිලධාරි තුමිය. ඉතින් අපිට විශාල ප්‍රශ්නයක් තියෙනවා ඇයි මේ වෘත්තිකයෝ මේ විදිහට තමන්‌ගේ වගකීම්, තමන්ගේ රාජකාරි බැරෑරුම් එහෙම නැත්නම් වගකීමෙන් යුතුව ඉෂ්ඨ කරන්නේ නැත්තේ මොකද කියන කාරණය. මේාකද අපි දන්න කාරණයක් තමයි මේ අධිකරණ ක්‍රියාවලිය අපේ රටේ ගත්තම නඩුවක් ඉවරවෙන්න අවුරුදු දහයේ සිට දහහත දක්වා කාල පාරාසයක් යනවා සාමාන්‍යයෙන්, සාමාන්‍ය කාලපරාසය. එච්චර කාලයක් නඩුවලට ගත වෙන්නේ මිනිස්සු බනින්නේ ආණ්ඩුවට, දේශපාලඥයින්ට. හැබැයි දේශපාලඥයින්ට, ආණ්ඩුවට නඩු අහන්න බැහැ. මේ කටයුතු වලට සම්බන්ධ වෙන්න බැහැ. 
 
යුතුකම ඉටුකිරීම වැදගත් !
 
අධිකරණ පද්ධතිය, විනිසුරුතුමන්ලා, නීතිඥ මහත්වරු, නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු මේ ආයතන තුලින් තමයි මේ නඩු අහන කාලසීමා තීන්දු වෙන්නේ. අපිට ඒ අවශ්‍ය පහසුකම් ලබාදීම විතරයි රජයකින් කරන්න පුළුවන්. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ රටේ හැමදේකටම චෝදනා කරන්නේ දේශපාලඥයින්ට. ඉතින් ගොඩක් වෙලාවට වෘත්තිකයෝ පැත්තකින් බේරිලා ඉන්නවා. මේ වගේ කාරණාවලදී අපිට පැහැදිළිවම කියන්න වෙනවා මේ වෘත්තිකයෝ තමන්ගේ වගකීම තමන්ගේ රාජකාරිය. තමන්‌‌ගේ රාජකාරි ස්ථානය වෙනුවෙන් වෙන්න පුළුවන් රට වෙනුවෙන් පුළුවන් සමාජය වෙනුවෙන් වෙන්න පුළුවන් මහජනතාව වෙනුවෙන් වෙන්න පුළුවන් හරියට ඉෂ්ඨ කරනවාද කියන ප්‍රශ්නය අපිට අහන්න සිද්ධවෙනවා. 
 
දිල්රුක්ෂිගේ රාජකාරියට මැදිහත්වූ පාර්ශවය ප්‍රශ්නයක් ඇති කරලා !
 
ඒ වගේම අපිට තව ගැටලු ඉස්මතුවෙලා තියෙනවා දැන් මේ නඩු තීන්දුව අද හම්බවෙනවා ඊට මාස දෙක තුනකට කියලා අපි හරියටම දන්නේ නැහැ නිශ්චිත කාලයක් ඇතුලත දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මියට, එතුමිය කියන විදිහට දේශපාලඥයෙක් විසින් දෙන දුරකතනයකට එතුමිය සම්බන්ධ වෙනවා. දුරකතනයේ අනිත් පැත්තේ ඉන්නේ මේ ඇවන්ගාඩ් නඩුව සම්බන්ධ චූදිතයෙක් විදිහට නම්වෙලා ඉන්න නිශ්ශංක සේනාධිපති මහත්මයා. එතකොට එතුමිය ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක් එහෙමත් නැත්නම් නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජෙනරාල්වරියක් විදිහට එහෙම නැත්නම් එවකට අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය විදිහට චූදිතයෙකු සමග දුරකතනයකින්, තමන්ගේ දුරකතනයෙන් හෝ වෙනත් දුරකතනයක් හරහා සම්බන්ධ වෙනවා නම් මම හිතන්නේ ඒක අති විශාල වැරැද්දක් නීතියට පටහැනිව කටයුතු කිරීමක්. ඒක එක පැත්තකින් එතුමිය විශාල වරදක් කරලා තියෙනවා. ඒක අපි හිතන්නේ එතුමිය අතින් දැන ‌හෝ නොදැන සිදුවුන අඩුපාඩුවක් වැරැද්දක් කියලා. ඒ වගේම දැන් මේකේ දේශපාලඥයෙකුත් සම්බන්ධවෙලා තියෙනවා. අපි දන්නේ නැහැ කවුද කියලා. කවුරු වුණත් වහාම මේක හෙළිදරව් කළ යුතු කාරණයක්. කවුද එතුමියට යම් බලපෑමක් කරලා හෝ යම් විදිහකින් සම්බන්ධවෙලා මේ දුරකතන ඇමතුම ලබා දෙන්න කටයුතු කරේ. ඒ නිසා ඒක හෙළිදරව් කරගැනීම වැදගත්. අධිකරණ ඇමතිතුමිය විදිහට තලතා අතුකෝරල මහත්මිය නීතිපතිතුමාට උපදෙස් දීල තියෙනවා මේ සම්බන්ධව බොහොම පැහැදිලිව විමර්ශනයක් කරන්න කියන කාරණය. 
 
සම්පූර්ණ හඬපටය එළියට දාන්න !
 
ඉතින් ඒ නිසා අපි බලාගෙන ඉන්නවා මේ විමර්ශන තුලින් මේවා හෙළිවෙයිද කියලා. ඒ වගේම දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය කියලා තියෙනවා මේ සම්පූර්ණ හඬපටය නිකුත් කරන්න කියලා. ඒ පැත්තෙන් එතුමියගේ ඉල්ලීමත් සාධාරණයි මොකද සම්පූර්ණ හඬ පටිය තුලින් තමයි සැබෑ ප්‍රතිරූපය සම්පූර්ණ පුළුල් චිත්‍රය අපිට දකින්න පුළුවන් වෙන්නේ. සමහර දේවල් එඩිට් කරලා ඕන  වාක්‍යයක මැදින් කපලා දෙපැත්තට අමුණලා ඕන  දෙයක් විකෘති කරන්න පුළුවන්. ඒ නිසා සම්පූර්ණ හඬ පටිය අපිට රටට දැනගන්න අවශ්‍ය කටයුතු සිදුකිරීමත් මෙතනදී ඉතාමත්ම අත්‍යවශ්‍ය වැදගත් කාරණයක් විදිහට අපිත් දකිනවා. ඒ නිසා මම විශ්වාස කරනවා මේ කාරණය පිළිබඳව රජය අධිකරණ අමාත්‍යංශය, ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තු සහ අනෙකුත් අදාළ ආයතන පරීක්ෂණ කටයුතු කළොත් නිවැරදි තොරතුරක් දැනගන්න පුළුවන් වෙයි. අපිට තියෙන සැකය එක පැත්තකින් හඬ පටියක් එනවා ඊට පස්සේ දවස් කීපයකින් නඩු ‍තීන්දුව දෙද්දී ඒ නඩු තීන්දුවෙන් ඔවුන් නිදහස් වෙනවා. නඩු තීන්දුවේ සටහන් වෙනවා දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය අධ්‍යක්ෂක ජෙනරාල්වරිය නඩුව ගොනු කිරීමේදී ඒ අදාළ ප්‍රධාන කාරණාවක්, එහෙමත් නැත්නම් තාක්ෂණික කාරණාවක් අංග සම්පූර්ණ කරන්නේ නැතුව නිවැරදි ක්‍රමවේදයකින් නිවැරදි පටිපාටියකින් මේක  ගොනු කරලා නැහැ කියන කාරණය. ඉතින් මේ සැම දෙයක්ම සම්බන්ධව යම්කිසි ගැලපීමක් තියෙනවාද කියන එක, මේක යම්කිසි සැලසුම් සහගත වැඩසටහනක් ද කියන එක සම්බන්ධව අපිට වෙන්න පුළුවන්, මාධ්‍යවේදීන් විදිහට ඔබතුමාලට වෙන්න පුළුවන්, රටේ ජනතාවට වෙන්න පුළුවන්, යම්කිසි සැකයක් දැනෙනවා නම් ඒක වරදක් නෙවෙයි. ඒ හින්දා අපිටත් ඒ සැකය තියෙනවා. 
 
දිල්රුක්ෂිට යුතුකමක් තියනවා ඇත්ත හෙළිකිරීමට !
 
අපි දන්නවා දිල්රුක්ෂි වික්‍රමසිංහ මහත්මිය ගැන, එතුමියට ලොකු ගෞරවයක් රටේ තිබුණා. ඒ නිසා එතුමියගෙත් යුතුකමක් විදියට අපි විශ්වාස කරනවා මේ කාරණයේදී ඇත්ත ඇති සැටියෙන් දැනගන්න රටේ ජනතාවට, රටට, රජයට අවශ්‍ය සහයෝගය එතුමියගෙන් ලැබෙයි කියලා.