තිස්ස විශේෂ ප්‍රකාශයක් සමග නැවත කරළියට !

තිස්ස විශේෂ ප්‍රකාශයක් සමග නැවත කරළියට !
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම්  තිස්ස අත්තනායක අද (25)  දිනයේ විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
 
නැවත පක්ෂය හා එක්වන ලෙසට ඊයේ එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය  සජිත් ප්‍රේමදාස  විසින් ඉල්ලීමක් සහ ආරාධනයක් කරනු ලැබීය.
 
ඉතාමත් කාර්‍යශූර සංවිධාන ශක්‍යතාවයක් ඇති දේශපාලන නායකයෙක් ලෙස ඔහුට අත්දැකීම් බහුලය.
2015 වසර වනවිට එජාපය බලය ලබාගැනීමේ තත්ත්වයට ඔසවා තැබීමේ සංවිධානාත්මක ව්‍යුහය ඔහු විසින් ගොඩනැගු බව පාක්ෂිකයන් බහුතරයක අදහසවී තිබේ.
 
සජිත්ගේ ප්‍රකාශය මෙන්න !
 
පක්‍ෂයෙන් ඈත්වූ සියලු දෙනාට රට ගොඩනැගීමේ වැඩසටහනට යළි තමා සමඟ එක්වන ලෙස නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගෙන් ඇරයුම් කල විශේෂ නිවේදනය පහත දැක්වෙයි.
 
විවිධ මතවාදයන් නිසා  එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත්ව සිටින බොහෝ පිරිසක් අද පක්‍ෂය වෙනුවෙන් කටයුතු කිරීමේ අපේක්‍ෂාවෙන් සිටින බව මම දන්නවා.මතවාද යනු සාකච්චා කොට විසඳා ගැනීමට කටයුතු කළ හැකි කරුණු මිස වෙන්වීමට සාධක නොවේ.එබැවින් විවිධ මතවාදී අරගල නිසා පක්‍ෂයෙන් ඈත්ව සිටින එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් පරිත්‍යාගයෙන් කටයුතු කළ සියලු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,පළාත්සභා මන්ත්‍රීවරු, සියළු පළාත්පාළන මන්ත්‍රීවරු, ඇතුළු පක්‍ෂ නියෝජිතයින්ට  යළිත් පක්‍ෂය සහ ජනතාව ජයග්‍රහණය කරවීමට අත්වැල් බැඳගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.!!
 
විශේෂයෙන්ම පක්‍ෂයේ ක්‍රියාකාරී ලෙස කටයුතු කළ,අසීරුතම අවස්ථාවේ පක්‍ෂයට ශක්තියක් වූ බිම් මට්ටමේ සිට පක්‍ෂ සංවිධාන ජාලය ගොඩනැගිය හැකි හිටපු මහලේකම් තිස්ස අත්තනායක මැතිතුමාට පක්‍ෂයේ අභිමානය ගොඩනගමින් රට ගොඩනැගීමේ වැඩසටහනට තමා සමඟ එක්වන ලෙස ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.!!

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න