කරන්නාගොඩ ඇත්ත වහලා !

කරන්නාගොඩ ඇත්ත වහලා !
නාවික හමුදාවේ හිටපු නීති උපදේශක ශවේන්ද්‍ර ප්‍රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදුන් ප්‍රකාශය මඟින්  හිටපු හමුදාපති වසන්ත කරන්නාගොඩ පුද්ගලයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනයට අදාළ සිද්ධියේ යම් යම් තොරතුරු වසන්කරගෙන සිටිය බවට ඔප්පු වෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් උපුටා දක්වමින් අනිද්දා පුවත්පත වාර්තා කරයි.
එම පුවතේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.
2009 මැයි 08 වන දින නාවික හමුදා සාමාජික සම්පත් මුණසිංහට විරුද්ධව නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට පැමිණිල්ල  අවස්ථාවේ ඒ සඳහා වසන්ත කරන්නාගොඩ මහතාගෙන් වාචික උපදෙස් ලැබුණු බව ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශ කර ඇත. එහිදී සම්පත් මුණසිංහ මහතා සමඟ ලුතිනන් කොමදෝරු හෙට්ටිආරච්චි එකම කාමරයේ සිටි බවත් දෙහිවල සිසුන් 5 දෙනා පිළිබඳව හෝ කිසිවක් ප්‍රකාශ නොකළ බවත් පසු කාලයක සිසුන් පස්දෙනා පිළිබඳව යම් යම් දේ ප්‍රකාශ කල බවත් ඔහු පවසා ඇත.
ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පසුගිය සැප්තැම්බර් 13 1සහ 14 යන දින දෙක තුල අධිකරණ න්යෝග ප්‍රකාරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ මෙම ප්‍රකාශ ලබාදී ඇත. එම ප්‍රකාශ වලින් පසුව නැවත හිටපු නාවික හමුදාපතිවරයා ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත. එහෙත් එහිදී ඔහු නොයෙක් හේතු දක්වමින් පැමිණිය නොහැකි බව පවසා ඇත. ඒ අනුව මේ පිළිබඳව අධිකරණය දැනුවත්කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැප්තැම්බර් 26 සහ 27 යන දින දෙක තුල වසන්ත කරන්නාගොඩගේ ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණයෙන් අවසර ලබාගෙන ඇත.
මෙම ප්‍රකාශය ලබාගැනීමෙන් මෙම පරීක්ෂණ කටයුතු අවසන් කරන බව ප්‍රකාශකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉන්පසු අදාළ ගොනු නීතිපති දෙපාර්තමේන්තුවට යවන බවද ප්‍රකාශ කරයි.
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න