ගෝඨා ආවා විතරයි : පැලෝපීය නාල - වඳ කතා අතුරුදහන් !

ගෝඨා ආවා විතරයි : පැලෝපීය නාල - වඳ කතා අතුරුදහන් !

ගෝඨාබය රාජපක්ෂ 'පොහොට්ටුවේ' ජනාධිපති අපේක්ෂකයා බවට පත්වීමත් සමගම මුස්ලිම්වරුන්ට එරෙහිව ඇතැම් ජාතික මාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා ක්‍රියාත්මකවූ අවලාද හා බේගල් හිටිහැටියේ අතුරුදහන්ව ඇත.

පසුගිය කාලය පුරාම දෛනිකව සිංහල බෞද්ධ යැයි කියා ගත් පිරිස් විසින් මේ රටේ මුස්ලිම් ජනතාවට එරෙහිව විවිධ චෝදනා එල්ල කරමින් ව්‍යසනකාරී විරෝධයක් දියත් කරමින් සිටියේය. විශේෂයෙන් පෞද්ගලික මාධ්‍ය ආයතන විසින් ඒ සඳහා ජාතිවාදී සහ අන්තවාදී පිරිස් කුපිත කිරීමේ කාර්යය සිය එකම වගකීම මේ යැයි සලකා කටයුතු කරමින්  සිටි බව නොරහසකි. කෙසේ නමුත් රාජපක්ෂ පවුලේ ජනාධිපතිවරණ අපේක්ෂකයා නම් කිරීමත් සමඟ එකී මුස්ලිම් විරෝධය අතුරුදන් වීම පිළිබඳ සමාජය තුළ ඒ පිළිබඳ බරපතල සැකයක් නිර්මාණය වී තිබේ.

ගෝඨාබය රාජපක්ෂ මුස්ලිම්වරුන් පිරිසක් හමුවීමේ ජායරුපයක් පළකරමින් ඒ සම්බන්ධයෙන් සමාජ මධ්‍යයෙහි පළවූ පොස්ටුවක මෙසේ සඳහන් විය.

''ශ්‍රී ලාංකීය කාන්තාවන්ගේ පැලෝපිය නාල, වඳ 'බ්‍රා' සහ
වඳ පෙති, වඳ කොත්තු මෙසේ නිමාවට පත්විය.''

FB 27

වඳ කතා ප්ලාන්ට් කළේ 'ගොට්ටන්' ද ? 

ජනාධිපතිවරණයට ඉදිරිපත් ව ඇති ගෝඨාබය රාජපක්ෂ මුස්ලිම්වරුන්ගේ ඡන්ද දිනාගැනීමේ බරපතල අභියෝගයකට මුහුණ දී සිටින අතර ඒ අනුව මුස්ලිම්වරුන්ට එරෙහි දිගින් දිගටම මඩ ප්‍රචාර දියත්කළ 'ගොට්ටන්' මේ මොහොතේ නිහඬ කර ඇති බව පැහැදිලිවේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න