රූපවාහිනිය පවරා ගැනීමට එරෙහි පෙත්සම සළකා බැලීම කල්දායි !

රූපවාහිනිය පවරා ගැනීමට එරෙහි පෙත්සම සළකා බැලීම කල්දායි !

ජාතික රූපවාහිනී සංස්ථාව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරාගැනීම තුලින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංගණය කර ඇතිබවට චෝදනා කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලීම ලබන මස 9 වැනිදා තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

අදාල පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ අද(27) කැඳවා තිබූ අවස්ථාවේ මෙම නියෝගය නිකුත් කර තිබේ.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා යටතේ පවත්වාගත හැක්කේ ආරක්ෂක අමාත්‍යාංශය හා මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාශය බවත් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තමා යටතට පවරා ගැනීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බවත් පෙත්සම්කරුවන් දක්වා තිබේ.

එබැවින් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව තමා යටතට පවරා ගනිමින් ජනාධිපතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න