එජාපය ප්‍රමුඛ සන්ධානයේ සියළු නායකයන් සජිත්ව ඒකමතිකව පිළිගෙන !

එජාපය ප්‍රමුඛ සන්ධානයේ සියළු නායකයන් සජිත්ව ඒකමතිකව පිළිගෙන !

ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් නම් කෙරුණු  සජිත් පේ‍්‍රමදාස අමාත්‍යවරයාගේ අපේක්ෂකත්වය පිළිගනිමින් ඔහුට සහාය දීමට එක්සත් ජාතික පෙරමුණේ සියලූම නායකයින් අද (27) ඒකමතිකව තීරණය කරනු ලැබූ බව වාර්තා වෙයි.

එක්සත් ජාතික පක්ෂයේ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රධානත්වයෙන්  කොළඹ අරලියගහ මන්දිරයේදී පැවති විශේෂ හමුවකදී එක්සත් ජාතික පෙරමුණේ නායකයන් මෙම තීරණය ගෙන ඇත.

‘හංසයා’ ලකුණින් ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජාතික පෙරමුණෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස තරග කරන සජිත් පේ‍්‍රමදාස මහතාද මෙම හමුවට සහභාගි වි සිටියහ.

එක්සත් ජාතික පෙරමුණේ  නායකයින් වන රවුෆ් හකීම්, රිෂාද් බදියුදීන්, පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, මනෝ ගනේෂන්  ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව තිබේ.

මෙයට අමතරව ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාසට සහාය පළකරමින් සිවිල් සංවිධධාන, වෘත්තීය සමිති, බහුජන සංවිධාන ලබන සතියේ සිට ඒ අයගේ දේශපාලන කටයුතු ආරම්භ කිරිමට නියමිත බවත් වාර්තා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න