එක්සත් වාමාංශික පෙරමුණ අනුරට එක්වෙයි : දෙවැනි මනාපයටත් කැම්පේන් එකක් !

එක්සත් වාමාංශික පෙරමුණ අනුරට එක්වෙයි : දෙවැනි මනාපයටත් කැම්පේන් එකක් !

පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න ජාතික සංවිධායක ධූරය දරන එක්සත් වාමාංශික පෙරමුණ එක්සත් ජාතික පෙරමුණෙන් ඉවත්වී පාර්ලිමේන්තු මන්ත්‍රී  අනුර කුමාර දිසානායකට සහය පළ කිරිමට තීරණය කර තිබේ.

එක්සත් වාමාංශික පෙරමුණ  හෙවත් සමසමාජ පක්ෂයේ විකල්ප කණ්ඩායම් මධ්‍යම කාරක සභාව රැස්වී එම තීන්දුව ගත්බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ලාල් විජේනායක පැවසීය.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණයේ දී ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් කරනු ලබන අනුර කුමාර දිසානායකට සහයෝගය දෙමින් ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී ක්‍රියාකිරිමට ද මධ්‍යම කාරක සභාවේදී තීන්දු කළ බව හෙතෙම කීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ ජයම්පති වික්‍රමරත්න මන්ත්‍රීවරයා  කීවේ අනුරකුමාර දිසානායකට ඡන්දය ලබාදී දෙවන මනාපයක් ලකුණූ කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

දෙවන මනාපය ගෝඨාභයට එරෙහි ශක්තිමත්ම  අපේක්ෂකයා වෙනුවෙන් සළකුණු කරන්නැයි ද ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු කීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න