ගාලු වරායට නුදුරු මුහුදේ ඇවන්ට්ගාඩ් නෞකාව තුල පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පස් දෙනෙකු ඇප මත මුදා හැර තිබේ.
අදාල නඩුව අද(27) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවා තිබූ අවස්ථාවේ මෙම නියෝගය සිදුකර තිබේ.
මෙලෙස ඇප හිමිවී ඇත්තෙ විශ්‍රාමික හමුදා මේජර් ජෙනරාල්වරුන් වන පාලිත ප්‍රනාන්දු සහ බී එගොඩවෙල, ජාතික පොලිස් කොමිසමේ හිටපු ලේකම් සමන් දිසානායක, රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර සහ අද කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගත් ඇමවන්ගාඩ් සමාගම් සමුද්‍ර ආරක්ෂක අංශ ප්‍රධානියා වශයෙන් කටයුතු කළ විශ්වජිත් නන්දන දියබලනගේ යන අයවලුන්ට ය.
ඒ අනුව එක් සැකකරුවෙකුට රුපියල් ලක්ෂ 5ක මුදල් ඇපයක් සහ ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් නියහ කිරීමට විනිසුරුවරුන් කටයුතු කර තිබිණි.
එසේම සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරමින් ඔවුන්ගේ විදෙස් ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාරදෙන ලෙසට ද අධිකරණය නියෝග කර ඇත.
මෙම සිද්ධියටම අදාලව ගාල්ල මහාධිකරණය මගින් ඇප නියමකළ විත්තිකරුවන් තිදෙනෙකුට අද ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග නිකුත් කර තිබූ අතර ඔවුන් ද අධිකරණය හමුවේ පෙනී සිට ඇත. එම පුද්ගලයන් ද පෙර ඇප මත මුදාහරින ලෙස විනිසුරුවරුන් නියෝග කර තිබේ.
නඩුව නැවත නොවැම්බර් මස 8 වැනිදා කැඳවන බවත් විත්ති කරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදීමත් සිදුවී ඇත.

