රාජපක්ෂ පවුලේ ඥාතීන්ට පමණයි:  විශේෂ හමුවක් අද සවස !

රාජපක්ෂ පවුලේ ඥාතීන්ට පමණයි:  විශේෂ හමුවක් අද සවස !
 
ජනාධිපති සටනට ඉදිරිපත්ව සිටින ගෝඨාබය රාජපක්ෂ විසින් ඔහුගේ ඥාතීන් සමුහය අද පස්වරු 5.00ට කොළඹ 'කන්වෙන්ෂන්' ශාලාවට (Sri Lanka Exhibition & Convention Centre) කැඳවා ඇත. රාජපක්ෂ පවුලේ ඥාතීන්ට පිටින් කිසිවකුට මේ දක්වා මෙම හමුව සඳහා ආරාධනා කර නොමැත.
 
පවුලේ ඥාතීන්ගේ හමුවකට මෙතරම් විශාල ශාලාවක් තෝරාගත්තේ ඇයිදැයි newstube කළ විමසීමේදී රාජපක්ෂ පවුලේ සමීපතම ඥාතියකු පැවසුයේ, රාජපක්ෂ පවුල මේවනවිට රටපුරා විසුරුණු දස දහස් ගණනක ඥාති ජාලයක් බව අමතක නොකරන්න ලෙසයි.
 
මහින්ද රාජපක්ෂගේ පුතුන් තුන්දෙනාගේ ඥාති පවුල්වල සාමාජිකයන්ටත් මෙම සාදයට ආරාධනා කර ඇතයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
 
රාජපක්ෂ පවුල විසින් ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළේ, තමන්ගේ පවුල් පරම්පරාව රැකගැනීම සඳහා යයි රාජපක්ෂ පාලන සමයේ විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී ලෙස කටයුතු කල දැඩි රාජපක්ෂවාදියකුව සිටී සජින් වාස් ගුණවර්ධන පසුගියදා ප්‍රකාශකර තිබිණ.
 
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (Sri Lanka Podujana Peramuna) ඇතැම් දේශපාලන විචාරකයින් විසින් හඳුන්වනු ලබන්නේ ශ්‍රී ලංකාවේ පවුලේ පක්ෂය 'SLPP' ලෙසය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න