සජිත්ගේ 'කැම්පේන් මැනේජර්' ඇමති මලික්

සජිත්ගේ 'කැම්පේන් මැනේජර්' ඇමති මලික්

එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන කළමනාකරු වශයෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම පත්කර ඇත. 

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28)  රන්ජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයාගේ නිවසේ පැවති එක්සත් ජාතික පෙරමුණ නායකයින්ගේ සාකච්ජාවේදී ඒකමතිකව එම තීරණය ගෙන තිබේ.

එජාප මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම්, මංගල සමරවීර, රාජිත සේනාරත්න, රන්ජිත් මද්දුම බණ්ඩාර, චම්පික රණවක, පි.දිගම්බරම්, රිෂාඩ් බද්දුර්දින් යන අමාත්‍යවරුන් මෙම රැස්වීමට සහභාගිවී තිබිණ.

වසර 50කට වැඩි කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සමීපතම මිතුරකුවන මලික් සමරවික්‍රම, එකසත් ජාතික පක්ෂයේ හිටපු සභාපතිවරයා ද වේ.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස නම් කරන ලෙස අගමැතිවරයා පෞද්ගලිකව හමුවී ඉල්ලා සිටි පළමු දේශපාලනඥයා මලික් සමරවික්‍රමයි. ඒ මිට මාස ගණනාවකට පෙරය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න