මහේෂ් ජනාධිපතිවරණයට : ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයට වැදගත් සහතිකයක් !

මහේෂ් ජනාධිපතිවරණයට : ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතයට වැදගත් සහතිකයක් !

හිටපු යුද  හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජාතික ජනතා ව්‍යාපාරය විසින් තරඟ වදින බව  අද (29) සිය ජනාධිපති අපේක්ෂකයා ලෙස  නම් කරනු ලැබිණ.

ඒ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන එම ජාතික ජනතා ව්‍යාපාරයේ විශේෂ සමුළුවේදීය.

එජාපය ප්‍රමුඛ සන්ධානයට අවාසිදායකයි : ඒත් යහපාලනයේ  ප්‍රජාතන්ත්‍රවාදී භාවිතය  තහවුරු කිරීමක් !

මේ සම්බන්ධව අදහස් දක්වමින් දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ විශ්‍රාම ගිය සැනින් ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට හිටපු හමුදාපති වෙත අවලාද වලින් සහ බැන තර්ජනය කිරීමෙන් තොරව අවස්ථාව ලබාදීමට ඉඩහැරීම වත්මන් ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන භාවිතය සම්බන්ධව පැහැදිලි නිදර්ශනයක් සපයන්නක් වන බවයි.

රාජපක්ෂ රෙජීම පාලන සමයේ 2010 ජනාධිපතිවරණය සදහා එවකට හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඉදිරිපත් වූ අවස්ථාවේ පැවතියේ මීට හාත්පසින් වෙනස් තත්ත්වයක් බවත් ඔවුන් පෙන්වා දෙයි.

එබැවින් මේ තත්ත්වය ආරක්ෂා කිරීම වැදගත් බවත් ආණ්ඩුවේ අඩුපාඩු දකින අතර ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශයක් නිර්මාණය වීමට දැක්වූ මැදිහත්වීම ඇගයිය යුතු බවත් දේශපාලන විචාරකයන් අවධාරණය කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න