ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක් නෑ - ජයම්පති

ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක් නෑ - ජයම්පති

'ජාතික ජන බලවේගයේ' අනුර කුමාර දිසානායකට සහයෝගය දීමට තීරණය කර ඇති තම පක්ෂයේ මධ්‍යම කාරක සභාව, තමා තවදුරටත් පාර්ලිමේන්තුවේ අණ්ඩු පක්ෂයේ අසුන්ගත යුතු බවද ඒකමතිකව තීන්දුකර ඇතැයි 'එක්සත් වාමාංශික පෙරමුණ' ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පවසයි.

මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් ඔහු එබව සඳහන් කර ඇත. එම නිවේදනයේ මෙසේ සඳහන්වේ.

''ජනාධිපතිවරණය පිළිබඳව එක්සත් වාමාංශික පෙරමුණ ගත් තීරණය සම්බන්ධයෙන් පළවී ඇති මාධ්‍ය වාර්තා ගැන මගේ අවධානය යොමුව තිබේ. Jayampathi text1
අප පක්ෂයේ මධ්‍යම කාරක සභාව 'ජාතික ජන බලවේගයේ' අනුර කුමාර දිසානායක සහෝදරයාට සහයෝගය දීමට තීරණය කළ අතරේම, ගෝඨාභය රාජපක්ෂගේ අධිකාරීවාදී තර්ජනය පරාජය කිරීමට වැඩිම හැකියාව ඇති අපේක්ෂකයාට දෙවැනි මනාපය ලබා දෙන්නැයි අපේ පක්ෂයේ ආධාරකරුවන්ගෙන් සහ පුරවැසියන්ගෙන් ඉල්ලා සිටීමටත් තීරණය විය.  

එහිදී එළැඹී පොදු නිගමනය වුණේ, මේ කියන පරමාර්ථ දෙකම එකවිට සාධනය කර ගැනීම සඳහා එකම උනන්දුවෙන් කැප විය යුතු බවයි. ආණ්ඩුවෙන් ඉවත්වීමේ කිසි තීරණයක් එහිදී ගැනුනේ නැත. ඇත්ත වශයෙන්ම ඒකමතිකව තීරණය වුණේ, පාර්ලිමේන්තුවේ අණ්ඩු පක්ෂයේ මා දිගටම අසුන්ගත යුතු බවයි.

මේ පිළිබඳ පූර්ව චිත්‍රයක් ඇතැම් මාධ්‍ය වාර්තා තුළින් නොලැබුණු නිසාත්,ආණ්ඩුවෙන්  ඉවත්වීමට අපේ පක්ෂය තීරණය කොට ඇතැයි තවත් ඇතැම් මාධ්‍ය වාර්තා කොට ඇති නිසාත්, මගේ මේ පැහැදිළි කිරීම ප්‍රකාශයට පත් කරමි.''

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න