ශ්‍රී ලංකා සාම සාධක භටයන්ගේ ඉරණම ගැන විදෙස් අමාත්‍යාංශයෙන් නිවේදනයක් !

 ශ්‍රී ලංකා සාම සාධක භටයන්ගේ ඉරණම ගැන විදෙස් අමාත්‍යාංශයෙන් නිවේදනයක් !

ශ්‍රී ලංකා සාම සාධක භටයන් තවදුරටත් අඩු නොකරන බවට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම් ජීන් පියරේ ලැක්‍රොයික්ස්  තහවුරු කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ නිව්යෝක් නුවරදී එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහ ලේකම් ජීන් පියරේ ලැක්‍රොයික්ස් හමුවී දැක්වූ කරුණුවලට පිළිතුරු දෙමින් ඔහු එසේ පවසා ඇත.

එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහෙයුම් සඳහා අනුයුක්ත කර සිටින ශ්‍රී ලංකා හමුදා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරෙස්ගේ නියෝජ්‍ය ප්‍රකාශකවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ එලෙස කරුණු පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත.

ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා සාම සාධක භටයන් තවදුරටත් අඩු නොකරන බවට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම් ජීන් පියරේ ලැක්‍රොයික්ස්  පවසා ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් එක්සත් ජාතීන්ගේ 74 වැනි මහ මණ්ඩලය සැසිවාරයට සහභාගී වී සිටින ශ්‍රී ලංකා දූත පිරිසේ නායකත්වය හොබවන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා වන අතර හෙතෙම නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී පසුගියදා (27) එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම් ජීන් පියරේ ලැක්‍රොයික්ස් හමුව වී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. 

ශවේන්ද්‍ර සිල්වා හමුදාපති කිරීම සම්බන්ධව  එල්ල වී ඇති චෝදනා කිසිවක් ඔප්පු වී හෝ සනාථ කර හෝ නැති බවත් එම චෝදනා තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි  හමු වී නොමැති බවත් මෙහිදි රවිනාථ ආර්යසිංහ  සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් මාධ්‍ය නිවේදනයේ මෙසේද දැක්වේ. 

prees reles 550px

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න