ශ්‍රිලනිපය වැට උඩ : සජිත්ට සහය දැක්වීමට සූදානමක් !

ශ්‍රිලනිපය වැට උඩ : සජිත්ට සහය දැක්වීමට සූදානමක් !

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡාවක් ජනාධිපති මන්දිරයේ දී පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇතැයිද වාර්තා වෙයි.

ජනාධිපති  සිරිසේන සහ එජාප ජනාධිපති අපේක්ෂක සජාත් පේ‍්‍රමදාස, එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්, සභාපති කබීර් හෂීම් යන පිරිස එක්සත් ජාතික පක්ෂයේ සහභාගී ඇති බවත් වාර්තා වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනුවෙන් ජනාධිපතිවරයා ඇතුළු පිරිසක් සහභාගී වී ඇති බවද සදහන්ය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පොදු සන්ධානයක් පිහිටුවීමට ඇති එකම එකම කරුණ පොදු සලකුණකට පොදුජන පෙරමුණ එකග නොවීමයි.

මෙම සාකච්ඡාව තුළ ජනාධිපතිවරණය සම්බන්ධව එජාපය ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂකත්වය ලබා සිටින සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා වෙත සහය දැක්වීමට ජනාධිපති සිරිසේන කැමැත්තෙන් සිටින බවත් ඊට අදාල පක්ෂ එකඟතාව වෙනුවෙන් ඉදිරියේ මැදිහත්ව කටයුතු කිරීමට ජනාධිපතිට සම්බන්ධ පාර්ශව මෙහිදී දන්වා ඇති බවත් දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න