ගෝඨාට බෑ : ව්‍යාජ ලේඛන හැදුවාට ලෙඩක් වැටෙන්න පෙර රට පනින්න උපදෙස්!

ගෝඨාට බෑ : ව්‍යාජ ලේඛන හැදුවාට ලෙඩක් වැටෙන්න පෙර රට පනින්න උපදෙස්!
ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥයින් විසින් පැය තුනක කාලයක් ඔහුගේ ද්විත්ව පුරවැසි සහතිකයේ වලංගුභාවයට එරෙහිව අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුව සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවත්, එම නඩුව ඔහුට  අවාසිදායක වීමට බොහෝ ඉඩ කඩ ඇති බැවින් ජනාධිපතිවරණයට තරග වැදීමට නොහැකිවිය හැකි බව පෙන්වාදී ඇති බවත් වාර්තා වෙයි.
 
එසේම  ද්විත්ව පුරවැසි සහතිකය ව්‍යාජ එකක් බවට අධිකරණය තීන්දු කළහොත්, කූඨ  ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂව සැකපිට අත් අඩංගුවට පත් වීමට ඉඩ ඇති හෙයින් ඊට පෙර විදේශගත වීම සුදුසු බව නීතිඥ උපදෙස් ලබාදී ඇති බවත් එම ආරංචි මාර්ග සදහන් කරයි.
 
නැති ලේකම් වෙනුවට අත්සනක් !
 
ගෝඨාභය රාජපක්ෂගේ මතභේදාත්මක ද්විත්ව පුරවැසි සහතිකය 2005 නොවැම්බර් 21 වන දින 15305 අංකය යටතේ නිකුත් කර ඇති අතර, ඒ සදහා අත්සන් තබා ඇත්තේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ 'ලේකම් වෙනුවට' යනුවෙන් තවත් පුද්ගලයෙකි. 
 
එහෙත්, එතෙක් තිබූ අමාත්‍ය මණඩලය ජනාධිපතිවරණය ප්‍රතිපල අනුව එතෙක් අගමැති ධූරය ධූරය  දැරූ මහින්ද රාජපක්ෂ  ජනාධිපතිධුරයට පත්වීමත් සමග විසිර යාම නිසා, නව අමාත්‍යවරයෙකු සහ ලේකම්වරයෙකු පත් කරන තෙක් 2005 නොවැම්බර් 18 දින සහ නොවැම්බර් 24 අතර කාලය තුළ එකී විෂයභාර අමාත්‍යාංශයේ ලේකම්වරයෙකු පත්වී නොසිටි බවත්, එබැවින් 'ලේකම්වරයා වෙනුවට' යනුවෙන් කිසිවෙකුට නීත්‍යානුකූලව අත්සන් කළ නොහැකි බවත් මෙම නඩුවේ පෙත්සම්කරුවන් පෙන්වා දී තිබේ.
 
ශම්මුගනාදන්ටත් ගෝඨාගේ අංකයම?
 
එසේම, ගෝඨාභය රාජපක්ෂගේ විදේශ ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුවට අදාලව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කරන ලද විමර්ශනයේ ප්‍රගතිය 'බී' වාර්තා මගින් එම අධිකරණයේ ගොනු කර ඇති අතර, එම වාර්තා අභියාචනාධිකරණයේ ගෝඨාභය රාජපක්ෂට  එරෙහිව පනවා ඇති නඩුවේ කොටසක් ලෙස පෙත්සම්කරුවන් විසින් ගොනු කර තිබේ. 
 
වාර්තා වන අන්දමට ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසි සහතිකයේ අංකය වන 15305 අංකය යටතේ පුරවසි පණතේ නියමිත පරිපාටිය අනුගමනය කරමින් ආනර්ල්ඩ් ශම්මුගනාදන් යන වෙනත් අයෙකුටද ද්විත්ව පුරවැසි සහතිකයක් නිකුත් කර ඇතැයිද  පැවසේ. 
 
එම ශම්මුගනාදන් යන අයගේ සහතිකය පුරවැසි පණතේ 19 වන වගන්තිය ප්‍රකාරව නියමිත අයදුම් පත්‍රයක් මගින් නියම පරිපාටිය අනුව ඉල්ලුම් කර ඇති අතර, එයට අදාලව ක්‍රමවත් ලිපිගොනුවක් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ තිබන බවත් කියවේ. එහෙත්, ගෝඨාභය රාජපක්ෂට නිකුත් කර ඇති මතභේදාත්මක සහතිකයට අදාලව කිසිදු අයදුම් පත්‍රයක් හෝ ලිපිගොනුවක් එම දෙපාර්තමේන්තුවේ නොමැති බවත් වාර්තා වෙයි.
 
බලශුන්‍ය පුරවැසි සහතික, හැදුනුම්පත් හා ගමන් බලපත්‍ර !
 
ඒ අනුව, ගෝඨාභය රාජපක්ෂ  සතු ද්විත්ව පුරවැසි සහතිකය මත පදනම්ව නිකුත් කර ඇති පුරවැසි හැදුනුම්පත හා විදේශ ගමන් බලපත්‍රය ද එකී ද්විත්ව පුරවැසි සහතිකය මෙන් ආරම්භයේ පටන් නීත්‍යානුකූල නොවන හා බලශුන්‍ය බව අභියාචනාධිකරණයේ නඩුව ගොනු කළ පෙත්සම්කරුවෝ පෙන්වා දෙති.
 
මෙකී පසුබිම තුළ ගෝඨාභය රාජපක්ෂට මෙම නඩුවේ ඉතා අවාසි සහගත තත්ත්වයක් ඇති බවත්, ඒ අනුව ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකි තත්ත්වයක් උද්ගත විය හැකි බවත්, ඔහුගේ ද්විත්ව පුරවැසි සහතිකය ව්‍යාජ එකක් බව අභියාචනාධිකරණය තීරණය කළහොත්, ව්‍යාජ ලේඛන සකස් කිරීමේ වරදට ඔහුව සැක පිට අත්අඩංගුවට පත්විය හැකි බවත්, ඔහුගේ නීතිඥයන් පෙන්වා දී ඇතැයි වාර්තා වේ. 
 
එය මග හරවා ගැනීමට විදේශ ගතවීම සුදුසු බව ගෝඨාභය රාජපක්ෂගේ නීතිඥවරුන්ගේ වැඩිදුර  උපදෙස වී ඇතැයි ද පැවසේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න