අලුත් තරුණ ව්‍යාපාරයක් වෙනුවෙන් හර්ෂණ මැදිහත් වෙයි !

අලුත් තරුණ ව්‍යාපාරයක් වෙනුවෙන් හර්ෂණ මැදිහත් වෙයි !

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂවල තරුණ සංවිධාන හා වෙනත් තරුණ සංවිධාන සමඟ එක්ව පුළුල් ‘තරුණ ව්‍යාපාරයක්‘ ගොඩනගන බව එජාපය ප්‍රමුඛ සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ  2019 ජනාධිපතිවරණ තරුණ මෙහෙයුම් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා පැවැසීය.

දැනටමත් එම තරුණ සංවිධානය ගොඩනැගීමේ ව්‍යාපාරය ආරම්භ කර තිබෙන අතර රටපුරා සියලු ගම්මානවල තරුණ තරුණියෝ ඊට එක් වීමට සුදානමින් සිටින බවද හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා පැවසීය.

එක්සත් ජාතික පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණේ සෙසු දේශපාලන පක්ෂවල තරුණ තරුණියන් දේශපාලන පක්ෂවලට අයත් නොවන සංවිධානවල තරුණ කණ්ඩායම් එක්ව එම ව්‍යාපාරය ගොඩ නැගූ පසු තරුණ ප්‍රාඥාප්තියක් සකස් කර ගන්නා බවද මන්ත්‍රීවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න