ගෝඨාට එරෙහි පෙත්සමේ විභාගය ඇරඹේ : වියත්මග කැළඹේ !

ගෝඨාට එරෙහි පෙත්සමේ විභාගය ඇරඹේ : වියත්මග කැළඹේ !

පොහොට්ටු  අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට ඉදිරිපත්වූ පෙත්සම් විභාග කිරීම මේ වන විට  ආරම්භ කර තිබේ.

මේ හේතුවෙන් අභියාචනාධිකරණය ආසන්නයේ ආරක්ෂාවද තර කර තිබේ. 

මහාචාර්ය ඉන්ද්‍රගුප්ත තේනුවර හා ගාමිණී වියන්ගොඩ  මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත.

අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ‍්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ශ‍්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත‍්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත‍්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මෙම  රිට් පෙත්සම සලකා බැලීම අද (2) , හෙට  (3) සහ 4 යන දිනවලදී සලකා බැලීමට නියමිතය .

වියත්මග කැළඹේ !

මේ අතර ඉහත පෙත්සමට අදාල චෝදනා බරපතලවීම සමග චමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පොහොට්ටු පාර්ශවයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස සූදානම් කිරීම සම්බන්ධව වියත්මග සාමාජිකයන් විරෝධය දක්වමින් සිටින බවත් වාර්තා වෙයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණය සදහා කෙසේ හෝ ඉදිරිපත් කළ යුතු බවත් එසේ නොවුනහොත් තම සාමාජිකයන් බහුතරයක් ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු වලින් ඉවත් විය හැකි බවත් ඔවුන් රාජපක්ෂ පවුල වෙත දන්වා ඇති බවත් වාර්තා වෙයි.

එහිදී ඔවුන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ තම සංවිධානය සමග එක්ව සිටින ඇතැම් සාමාජිකයන් මේ වන විට හිටපු හමුදාපති මහේෂ් සේනානායක වෙත සහය දැක්වීමට පවා සූදානම් වෙමින් සිටින බවයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න