ගෝඨාට බැටේ දෙන්න : සිවාජි දැම්මෙත් බැසිල් !

ගෝඨාට බැටේ දෙන්න : සිවාජි දැම්මෙත් බැසිල් !

උතුරු පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මෙවර ජනාධිපතිවරණ සටනට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත්තේ 'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ විසින් බව ඉතා විශ්වාසවන්ත කටයුතු ආරංචිමාර්ගවලින් theleader.lkවෙත වාර්තාවේ. 

පොහොට්ටු පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂට ඉතාමත් නිර්දය ලෙස පහරදීම බැසිල් රාජපක්ෂ විසින් ඔහුට පවරා ඇති රාජකාරිය බවත් ඒ හරහා සිංහල ජනයා කුපිතකරවා ගෝඨාබය රාජපක්ෂ වෙත වාසි ලබාගැනීම එහි උපක්‍රමය වී ඇති බවත් ඉහත ආරංචිමාර්ග තවදුරටත් සඳහන් කරයි.

එසේම ශිවාජිලිංගම් දෙමල ඡන්ද 50,000ක් ගනු ඇතැයි ගණන් බලා ඇති බැසිල් රාජපක්ෂ, ඔහු හා සියලු සම්බන්ධිකරණ කටයුතු ජවිපෙ හිටපු මන්ත්‍රීවරයකු වන සිරිපාල අමරසිංහට පවරා ඇත. බැසිල් රාජපක්ෂගේ උතුරු-නැගෙනහිර ප්‍රධාන සම්බන්ධීකාරකයා වන සිරිපාල අමරසිංහ, මෙවර ජනාධිපතිවරණයට 'ඩමී' අපේක්ෂකයකු ලෙස ස්වාධීනව ඉදිරිපත්ව සිටියි.

මහින්ද රාජපක්ෂ 2005 වසරේ ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අවස්ථාවේදී ද උතුරේ ඡන්ද වර්ජනයකට මග පාදා එහි වාසිය මහින්ද රාජපක්ෂ වෙත අත්කර දීමටද මැදිහත් වුයේ බැසිල් රාජපක්ෂ බව වාර්තා වී තිබිණ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න